leader s

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සුදානම් වන්නේ ඔහු විසින් මිට ඉහතදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබු ලිපිය ද සැලකිල්ලට ගනිමින් බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

පාස්කු ඉරුදින (අප්‍රේල් 21) එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සිය රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර ඇති බවට වූ චෝදනා මත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර එරෙහි නඩුවට අදාලව හිටපු අමැතිවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට පියවර ගෙන තිබේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබුනේ දෙසැම්බර් 05දාය.

තමන්ව ඉලක්ක කරගනිමින් තමන් නොකරන ලද ක්‍රියා සම්බන්දයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර තිබිණ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට තමා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් විමර්ෂණය කළ අතර පොලීසිය මගින් කල පරීක්ෂණ හමුවේද තමා නිර්දෝශී බව පවසමින් එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයා විසින් කථානායක වෙත වාර්තාවක්ද ඉදිරිපත් කරන ලද බව ද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකල ලිපියේ සඳහන් වේ.

 ''පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින මුලු මහත් ජනතාවම ශෝකයට පත්කරමින් සිදු වු ඒ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුකල ත්‍රස්තවාදීන් සමග මා සම්බන්ද යැයි පවසමින් කරන අසත්‍ය චෝදනා සම්බන්දයෙන් දැනටමත් පරීක්ෂණ පවත්වා මා නිවරැදි බවට තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර එම ප්‍රහාරය සම්බන්දව විශේෂ පරීක්ෂණයක් කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි. " යයි රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට ආයාචනය කර තිබිණ.

මන්ත්‍රීවරයාගේ ලිපිය පහත පළවේ.

let 1

let 2
සබැඳි පුවත් :
රහස් පොලිසිය හකීම් සහ රිෂාඩ්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

විල්පත්තු හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර චෝදනා ගැන විමර්ශනයක් කරන්න -බදියුදීන්, ජනපතිට කියයි

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්