leader s

මග නැගුම කොන්ත්‍රාත්කරුවන් හට නොගෙවූ මුදල් වෙනුවෙන් සමාගම ඈවර කර මුදල් ගෙවන ලෙස ඉල්ලා වානිජ්‍ය මහාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.  

රජය සතු පෞද්ගලික සමාගමක් වන මගනැගුම ආයතනයේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් නිසි පරිදි නොගෙවා හිතවත් කොන්ත්‍රාත් කරුවන්ට පමණක් මුදල් ගෙවමින් සිදුකරගෙන ගිය අකාර්යක්ෂම දූෂිත පාලනයට එරෙහිව තමාට ලැබිය යුතු මුදල් සමාගම ඈවර කර හෝ ගෙවන ලෙස ඉල්ලා පෙත්සමක් අද දිනයේදී වාණිජ මහාධිකරණය වෙත ගොනු කර ඇත.

ඉතාමත් ලාභදායි රජයේ පෞද්ගලික සමාගමක් වශයෙන් පවත්වාගෙන ගිය මඟ නැගුම ආයතනය පසුගිය කෙටි කාලය තුළ දූෂිත සහ පෞද්ගලික හිතවත්කම් මත කටයුතු කරන ආයතනයක් බවට පත් විය. එම හේතුව මත එම එකම ද ඇතැම් කොන්ත්‍රාත්කරුවන් දැඩි අසාධාරණයකට ලක්වූ අතර ව්‍යාපෘති සහ ඔවුන් වියදම් කළ මුදල් නැවත ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබුණි.


මග නැගුම සමාගම් 4ක් විසුරුවා හැරේ


මග නැගුම හා ඒ යටතේ ඇති ආයතන 4 ක් විසුරුවා හැරීමට තීරණය කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

"මග නැගුම යටතේ තියෙන සියලු සමාගම් විසුරුවා හරිනවා. මොකද ඒවා පවත්වාගෙන යන්න පුළුවන් ආදායමක් නෑ. කරන්න වැඩක් නෑ. වැඩ කරන්න මුදල් නෑ. ඒ නිසා ඒ ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒ ටික රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ විසුරුවා හරිනවා. මග නැගුම හා එයට සම්බන්ධ සමාගම් 4ක්."

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්