කියුබානු විප්ලවවාදී අර්නස්ටෝ "චේ" ගෙවාරා අල්ලාගෙන ජාතික වීරයෙකුබවට පත්වූ බොලිවියානු ජෙනරාල්වරයා 84 වැනි වියේ පසුවෙද්දී මියගොස් තිබේ.



1967 දී ගැරී ප්‍රාඩෝ සැල්මොන් විසින් එක්සත් ජනපද රහස් සේවා නියෝජිතයින්ගේ සහාය ඇතිව, චේ ගෙවාරා විසින් සංවිධානය කරන ලද කොමියුනිස්ට් කැරැල්ලක් පරාජය කරන ලද බොලිවියානු හමුදා මෙහෙයුමකට නායකත්වය දුන්නේ ය.

එකල බොලිවියාවේ තිබුණේ දක්ෂිණාංශික හමුදා රජයකි.

ආර්ජන්ටිනාවේ උපන් ගෙවාරා අත්අඩංගුවට ගෙන දිනකට පසු හමුදා නිලධාරියෙක් ඔහු ඝාතනය කළේ ය.

 

20220409 OBP001 0

ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර පැවති සීතල යුද්ධයෙහි උච්චතම අවස්ථාව වන අතර චේ ගෙවාරාගේ ක්‍රියාකාරකම් ඇතුළුව ලතින් ඇමරිකාව තුළ කොමියුනිස්ට් බලපෑම ගැන ඇමෙරිකානු රජය අතිශයින් සැලකිලිමත් විය.

1959 කියුබානු විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු ගෙවාරා කියුබාවෙන් පිටවගොස් තිබුණේ වෙනත් රටවල ගරිල්ලා ව්‍යාපාරවලට නායකත්වය දීම සඳහා ය. ඔහු කියුබානු කොමියුනිස්ට් නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ප්‍රධාන සගයෙකු වූ අතර ලොව පුරා කොමියුනිස්ට්වාදීන්ගේ වීරයෙකුබවට පත්විය.

ජෙනරාල් ප්‍රාඩෝගේ පුත්‍රයා තම පියා පිළිබද විස්තර කළේ ඔහු "ආදරණීබව, අවංකබව සහ ධෛර්යයේ උරුමයක්" ඉතිරි කළ "අසාමාන්‍ය පුද්ගලයෙකු" ලෙස යි.

che 1

චේ ගෙවාරාට වෙඩි තබා ඝාතනය කළ බොලිවියානු නිලධාරියා වූ මාරියෝ ටෙරාන් පසුගිය වසරේ දී මියගියේ ය.

ගෙවාරාගේ ගරිල්ලා කණ්ඩායමට සැඟවී සිට පහරදීමෙන් පසු, බොලිවියානු හමුදා රෙජීමය ආරක්ෂා කිරීම නිසා ජෙනරල් ප්‍රාඩෝ ජාතික වීරයෙකුබවට පත්කෙරිණි.

මුලින් 120ක් පමණ වූ චේ ගෙවාරාගේ කණ්ඩායම 22 දක්වා පහත වැටී තිබූ අතර, ඔවුන් සිටි දුරස්ථ කැලෑ ප්‍රදේශයට ප්‍රාඩෝ විසින් අමෙරිකා එක්සත් ජනපදය විසින් පුහුණු කරන ලද බොලිවියානු රේන්ජර් කණ්ඩායම මෙහෙයවීය.

අහම්බෙන් නිකුත්වූ වෙඩි උණ්ඩයක් කොඳු ඇට පෙළට වැදීමෙන් පසු, ජෙනරල් ප්‍රාඩෝ 1981 සිට රෝද පුටුවක් භාවිතා කරන්නෙකු විය. ඔහු 1967 වර්ෂයේ ඔහුගේ ජයග්‍රහණය ගැන පොතක් ලියු අතර, එය 'මම චේ අල්ලා ගත් හැටි' (How I Captured Che) යනුවෙන් නම්කර තිබුණි.

ඔහුගේ පුත්‍රයාට අනුව, "ඔහු චේ අල්ලා ගැනීම ඔහුගේ ජීවිතය තුළ සිදුකළ වැදගත්ම දේ නෙවෙයි. ඒ වෙනුවට [වැදගත්ම දේ වෙන්නේ], සන්නද්ධ හමුදාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතිවලට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් බවට පත් කිරීමට දායකවීම," යි.

චේ ගෙවාරා ඝාතනය කරන ලද්දේ, බොලිවියාවේ ලා පාස් සිට කිලෝමීටර් 830ක් දකුණින් පිහිටි 'ලා හිගේරා' නම් බොලිවියානු ගම්මානයේ දී ය. අනතුරුව ඔහුගේ දේහය රහසිගත ස්ථානයක භූමදානය කෙරිණි. 1997 දී ඔහුගේ මෘතදේහය ඇති තැන සොයාගෙන, ගොඩගෙන කියුබාවට ලබාදෙන ලද අතර, එහිදී ඔහු නැවත භූමදාන කෙරිණ.

(BBC සිංහල සේවය)




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්