විදේශ ගමන් බලපත්‍ර බලාදීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැඳී සිටි පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීමට කටයුතු කරමින් සිටි තැරැව්කරුවන් 09 දෙනෙකු ශ්‍රි ලංකා පොලිස් බුද්ධි අංශ

මගින් විසින් අද (19) උදැසන අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සඳහා රුපියල් 25,000 මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පිටතින් සකස් කර දෙන බවට පසුගිය දිනවල මාධ්‍ය මගින්ද පෙන්වා දී තිබිණි.

මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  විසින් පොලිස් බුද්ධි අංශවලට මේ පිලිබදව සොයා බලන ලෙසට ඊයේ දිනයේදී නියෝග කර ඇත. ඒ අනුව අද උදෑසන වනවිට මෙසේ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

 

විදෙස් ගමන් බලපත දින තුනෙන් නිවෙසට



විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ඊයේ (18) පැවසීය.

දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් හදුනාගෙන ඇඟිගි සළකුණු යන්ත්‍ර සවිකර නිලධාරීන් පුහුණු කිරීම මේ වන විටත් අවසන් කර ඇති බවත් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් ඇඟිලි සළකුණු දී මුදල් මාර්ගගත ක්‍රමයට හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවා අයදුම්කරුට නිවසට යා හැකි බවත් ඉලුක්පිටිය කීය.

විදේශ ගමන් බලපත්‍රය දින තුනක් තුළ තැපෑලෙන් නිවසට යොමු කිරීමට සැළසුම් කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්