මහරගම 'අපේක්ෂා රෝහලේ' පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන

අතර එකී රෝගීන් වෙනුවෙන් රජය අතිවිශාල මුදල් සම්භාරයක් ප්‍රතිකාර වෙනුවෙන් වැය කරයි.

එසේම, දානපතීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ සමාජ සත්කාරක ආයතන විසින් ද එම රෝගීන් ගේ සුභසාධනය වෙනුවෙන් විශාල වශයෙන් අරමුදල් පරිත්‍යාග කරමින් රෝගී ජීවිත බේරාගැනීමට සුවිශාල මෙහෙවරක් ඉටුකරති. රෝගීන් හට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් නවාතැන් පහසුකම් පවා එවැනි දානපතීන් ගේ පරිත්‍යාග හරහා දිනපතා ලැබෙමින් පවතී.

සමාජයෙන් එවැනි පරිත්‍යාගයන් සිදුවෙමින් තිබියදී එම රෝහල තුළ සිදුවන බරපතල වංචාවක් සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත ආන්දෝලනාත්මක වීඩියෝවක් මුදා හැර තිබේ.

පිළිකා රෝහලේ මිය යන රෝගීන් ගේ මෘත දේහ මල් ශාලාව වෙත (දිවයිනේ ඕනෑම ප්‍රදේශයක) ගෙන යෑමේදී, අපේක්ෂා රෝහලේ සුභසාධන ඒකකයක් විසින් එහි ප්‍රවාහන ගාස්තු වෙනුවෙන් ද මුල්‍ය පරිත්‍යාගයක් ලබාදෙන නමුත්, අපේක්ෂා රෝහලේ යම් පිරිසක් විසින් ඉතා සූක්ෂමව එකී ප්‍රවාහන මුදල් මෘත දේහය හිමි පාර්ශවයෙන් අදාල මල් ශාලාව හරහා ලබාගෙන අනතුරුව මරණ සහතිකයේ පිටපතක් සුභසාධන ආයතනයට ඉදිරිපත් කොට එකී මුදල නිදහස් කරන බවටත් මේ දූෂිත ගනුදෙනුව තුළ කොමිස් මුදල් හුවමාරුවක් සිදුවන බවත් එම වීඩියෝවේ සඳහන් වේ.

පිළිකා රෝගයට ගොදුරු වූ රෝගියකුගේ පවුලක් යනු මානසිකව මෙන්ම ආර්ථික අතින් ඉතා විශාල ලෙස පරිහානියට අගතියට පත්වන පිරිසක්වන අතර, එකී මිනිසුන්ගේ දුක් වේදනා කදුළු අතර මානුෂීය සිත් පිත් ඇති දානපතීන් විසින් කරන මූල්‍ය පරිත්‍යාග වලින් මෙසේ කොල්ල කන පිරිස් වහා නීතිය හමුවට පමුණවා නිසි දඬුවම් ලබා දිය යුතුය.

සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇති වීඩියෝවට අනුව එක් මෘත දේහයක් ප්‍රවාහනයට රුපියල් 40,000ක් ලබාදෙයි.

වසරකට ආසන්න වශයෙන් මෙරට පිලිකා රෝගීන් 14,000ක් පමණ මියයන බවට දත්ත තොරතුරු වාර්තා අනුව සනාථ කරයි. එය දිනක සාමාන්‍යක් ලෙස ගණනය කළවිට ජීවිත 38කි.

තත්වය එසේ නම් අපේක්ෂා රෝහලේ මෘත ශරීරාගාරයේ මෙකී තුච්ච ක්‍රියාවට සම්බන්ධ පිරිස් විසින් ධන පරිත්‍යාග කරන මිනිසුන්ගේ මුදල් වලින් ගසාකන මුදල ආසන්න වශයෙන් දිනකට රුපියල් 1,520,000 කි.

මෙකී මූල්‍ය වංචාව මාසයක් පුරාවට සිදුකළ හොත් ගසා කෑ මුදල රුපියල් 45,600,000 /= කි එය වසරකට ආසන්න ලෙස ගණනය කළහොත් රුපියල් 547,200,200/= කි.

බලධරයනි, වහාම මේ ගැන විදිමත් පරීක්ෂණයක් පවත්වා ජීවිතය යදින රෝගීන් වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකරන දානපතීන් විසින් පරිත්‍යාග කරන මුදල් වලට වහා සාධාරණයක් ඉටු කරන්න.

 

 




sumudu maddumaa(සුමුදු මද්දුමආරච්චි)
මිලානෝ,
ඉතාලිය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්