තමා ආවේගයකින් යුතුව ඩිපෝ කළමනාකරුට දොස් පැවරුයේ, මාතලේ දිස්ත්‍රික්කයේ තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ඉල්ලීමක් මත

තමා විසින් යොදවන ලද බස්රථයක් එම මාර්ගයෙන් ඉවත්කොට රිවස්ටන් හෙට්ටිපොල හරහා මහිංයගනය මාර්ගයට යෙදවීමට මාතලේ ඩිපෝවේ කළමනාකාරිත්වය කටයුතු කර තිබීම නිසා බව රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, ''රාජ්‍ය අමාත්‍ය රෝහණ ගෙන් ඩිපෝ කළමනාකරුට මරණ තර්ජන'' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' (theleader.lk) හි ඊයේ පළවූ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක එම පුවත් සම්බන්ධයෙන් අප වෙත යොමුකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

'' පසුගියදා රත්තොට දන්කන්ද ජනතාව මාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රදේශවාසී ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉකුත් ජනවාරි මස 14 වන දින  රත්තොට දන්කන්දේ සිට පේරාදෙණිය රෝහල දක්වා බස්රථයක් (NE - 1413)  ලබා දෙන ලදි. මෙම බස්රථය යොදවන ලද්දේ මේ දිනවල පවතින ආර්ථික තත්ත්වය නිසා දන්කන්ද ප්‍රදේශයේ ජනතාවට විශේෂයෙන් පේරාදෙණිය රෝහලට යාමට පහසුකම් සලසාදීම පිණිසයි.

එහෙත් මාතලේ දිස්ත්‍රික්කයේ තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ඉල්ලීමක් මත මා විසින් යොදවන ලද මෙම බස්රථය එම මාර්ගයෙන් ඉවත්කොට රිවස්ටන් හෙට්ටිපොල හරහා මහිංයගනය මාර්ගයට යෙදවීමට මාතලේ ඩිපෝවේ කළමනාකාරිත්වය කටයුතු කර තිබේ.

 

මෙසේ මාගෙන් හෝ ජනතාවගෙන් මේ පිලිබදව කිසිදු විමසීමකින් තොරව අත්තනෝමතික ලෙස මෙලෙස රාජ්‍ය නිළධාරින් විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව අපහසුතාවයන් රැසකට පත්වන අතර මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් අප රජය පිළිබදව ජනතාව තුළ අප්‍රසාදයක් ඇතිකිරීමට හේතුවන නිසා මා මේ පිළිබදව යම් ආවේගයකින් යුතුව කතා කලද මා සෑම මොහොතකම ජනතා සුබ සිද්ධිය උදෙසා කටයුතු කල ජනතා නියෝජිතයකු බව සමස්ථ මාතලේ දිස්ත්‍රික් ජනතාව හොදින් දන්නා කරුණකි.

 

ජනතා සුබසිද්ධිය උදෙසා ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව මාහට කිසිදු ගැටලුවක් නැත. නමුත් මා විසින් ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවූ මෙම බස් රථය මෙලෙස අත්තනෝමතික ලෙස ඉවත් කරමින් ජනතාව පීඩාවට පත් කිරීම නින්දිත ක්‍රියාවකි.''

(උපුටා ගැනීම අවසන්)

PHOTO 2023 05 21 10 37 28

PHOTO 2023 05 21 10 37 27

ආන්දෝලනයට ලක්ව ඇති බස් රථය

මේ අතර ඊයේ 'ද ලීඩර්' (theleader.lk) හි පළවූ හඬ පටය සම්බන්ධයෙන් අදහස් දක්වන ඩිපෝ කළමනාකරු පවසන්නේ එම හඬපටය සමාජ මාධ්‍ය වෙත යොමුකරනු ලැබුවේ තමා විසින් නොවන බවයි.


සබැඳි පුවත් වාර්තාව :

රාජ්‍ය අමාත්‍ය රෝහණ ගෙන් ඩිපෝ කළමනාකරුට මරණ තර්ජන (හඬපටය මෙන්න)



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්