leader s

රටට ගොඩනැගීම සඳහා වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බව එක්සත් මහජන පක්ෂය (UPP) පවසයි.


ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ විශේෂ වැඩමුළුවක් එම පක්ෂයේ අධ්‍යාපන හා ප්‍රචාරක අංශය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (26) සංවිධානය කර තිබු අතර එහි සම්පත් දායකයන් ලෙස ප්‍රකට දේශපාලන විශ්ලේෂකයින් වන දීප්ති කුමාර ගුණරත්න සහ මහේෂ් හපුගොඩ ද සහභාගිවිය.

එක්සත් මහජන පක්ෂයේ (UPP) නායක අමාත්‍ය ටිරාන් අලස් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

{gallery}UPP{/gallery}
පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යය ද, එමඟින් සමාජයේ නිදහස් අධ්‍යාපනය ලෙස සලකන සම්මත රාමුව බිඳ වැටේ ද...? ඇත්තටම අවශ්‍ය නිදහස් අධ්‍යාපනය ද...? අධ්‍යාපනයේ නිදහස ද...? යන කරුණු පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වුණි.

මෙහිදී පක්ෂයක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල සහ නිදහස් අධ්‍යාපනය පිළිබඳ මෙතෙක් මේ රටේ දේශපාලන පක්ෂයයක් විසින් ඉදිරිපත් කරනු ලබන වඩාත් විදග්ධ ම යෝජනා මාලාව රට හමුවේ තැබීමට සුදානම් ව සිටින බව ද එහිදී ප්‍රකාශ විය.

වැඩමුළුවේදී දීප්ති කුමාර ගුණරත්න විසින් රටේ අධ්‍යාපනය හදන්න නම් කළයුතු දේ පිළිබඳව සිදුකළ අදහස් දැක්වීම පහත විඩියෝවෙන් බලන්න

ආචාර්ය මහේෂ්  හපුගොඩ මෙසේ සඳහන් කළේය.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්