leader s

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් අමාත්‍ය ධූර ලබාදීම සඳහා නිර්දේශ කරන ලද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන්ට දැන්ම ඇමැති ධූර ලබාදිය නොහැකි බව ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දී ඇතැයි 'දේශය' ඉරිදා ජාතික

පුවත්පත අනාවරණය කරයි.


මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ එම මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවම බවද එම පුවත් වාර්තාවේ සඳහන් වෙයි.

එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් මෙම දැනුම්දීම සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ කාර්යාලයකට පෞද්ගලිකවම කැඳවා තිබු බවත්, අමාත්‍ය පදවි දැන්ම ලබා දිය නොහැකි වුවත් ඔවුනට ස්වකීය දේශපාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සෙසු පහසුකම් සලසා දිය හැකි බවත් ඔවුනට දැනුම්දී ඇතැයි එම පුවත් වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර ජනාධිපති වික්‍රමසිංහගේ සමීපතම හිතවතකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ජයතුංග විසින් සම්පාදනය කරන ''ජනපති e කොළම'' උපුටා දක්වමින් ''ලීඩර් TV අමාත්‍ය මණ්ඩල සංශෝධනය කතාබහ ''අලුත් ඇමතිකම් නෑ. වගකීම් දෙනවා...රනිල්ගේ හතරබීරි කතාවක් '' යන ශීර්ෂයෙන් යුතුව ජුනි 10 වෙනිදා වාර්තා කර තිබුනේ මෙසේය. 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්