හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සිය බිරිඳ සමග අද උදැසන 1.00ට පමණ විදේශගතව ඇත. ඒ, සිංගප්පුරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.


ඔහු කාම්බෝජයේ හා ලාම්සයේ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට හා විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් සඳහා මෙසේ විදේශගතව ඇතිබව වාර්තාවේ.

දින 18 ක මෙම ආගමික සංචාරය නිමා කරමින් ඔහු යලි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ජුලි 10 වෙනිදාය. පසුගිය වසරේ ඇතිවූ අරගලය නිසා ඔහුට එම වසරේ ජුලි 09 වෙනිදා රටින් පලායාමට සිදුවිය.

එම සිද්ධියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දේශපාලන කටයුතුවලින් මුළුමනින්ම සමුගෙන ආගමික කටයුතු වලට නැඹුරු වී සිටියි. ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පසුගිය 20 වෙනිදා පැවති බෝධි පුජා පින්කමට මෙරට ප්‍රකට නාහිමිවරුන් රැසක් වැඩමවා සිටියහ.

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image