leader s

ජපානයේ, නරීටා බලා ඊයේ (ජූනි 28) රාත්‍රී 07.50ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර්බස් A330-300 යානයක් ආපසු ගොඩබැස්වීමට නියමුවන් කටයුතු කර තිබේ.

ගුවන් ගමන් අංක UL-454 හා ලි.ප අංක 4R-ALR දරන ගුවන් යානාව තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස ආපසු ගොඩබැස්වීමට කටයුතු කර ඇත.

මෙම ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිළීම සිදු වන බවට තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම ( Indicate ) නිසා, ගුවන් නියමුවා මෙම ගුවන් යානය, කටුනායක ගුවන් තොටුපොළට අනතුරකින් තොරව ගොස් බැස්සවීමට පියවර ගෙන තිබුණි.

එය ගොඩබැස්වීම සඳහා තාක්ෂණික වශයෙන් සූදානම් කිරීමට මිනිත්තු 155ක් පමණ පියාසර කර ඇතැයි වාර්තා වේ.

මෙය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.330 - 300 එයා බස් වර්ගයේ විශාලතම ගුවන් යානයකි.

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීහු සහ කාර්යය මණ්ඩලය 301 දෙනෙක් ගමන් කළහ.

එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමට ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පියවර ගෙන තිබිණ.

WhatsApp Image 2023 06 29 at 8.17.35 AM

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්