පසුගිය ආණ්ඩුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වා දුන් ඉන්ධන මිළ සූත්‍රය ඉදිරියටත් යොදා ගැනීමට වත්මන් රාජපක්ෂ ආණ්ඩුව ද තීරණය කර ඇති බව The Morning පුවත්පත Fuel formula ‘U’ turn? 

යන ශීර්ෂයෙන් යුතුව 
ඊයේ (05) වාර්තා කර තිබේ.

රාජපක්ෂවරුන් විපක්ෂයේ සිටියදී මංගල ඇමතිවරයාගේ ඉන්දන මිළ සුත්‍රය දිගින් දිගටම විවේචනය කල අතර තම රජයක් යටතේ  ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමට කටයුතු කරනා බව ජනතාව හමුවේ අවධාරණය කළේය.

'The Morning' පුවත්පත් වාර්තාවට අනුව, පසුගිය ජනවාරි පළමු වන දින භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල විසින් ඉන්ධන මිළ සූත්‍රය ඉදිරියටත් යොදා ගැනීම පිළිබඳ අදහස් පළ කර ඇත. 

ඒ අනුව, ඉන්ධන මිළ නියාමනය කිරීම සඳහා මිළ සූත්‍රයක අවශ්‍යතාව පවතින බවත්, ඒ අනුව හඳුන්වා දී ඇති ඉන්ධන මිළ සූත්‍රය මේ මොහොතේ භාවිතා වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. Amara weera text 2020

කෙසේවෙතත් මෙම ප්‍රකාශය මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය නොවැම්බර් මග අග හා දෙසැම්බර් මස මුල ප්‍රකාශ කළ අදහස් වලට හාත්පසින්ම පරස්පර බව මින් පෙනී යයි.

මහින්ද අමරවීර අමාත්‍යවරයා පසුගිය නොවැම්බර් 26 දින මාධ්‍ය හමුවීමක් කැඳවා ප්‍රකාශ කර සිටියේ පැවති රජය විසින් හඳුන්වා දී තිබූ ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය මේ පිළිබඳව යොමු වී ඇති බවත් ය. 

ඊට සමානව පසුගිය දෙසැම්බර් මස 03 වන දින කැඳවූ මාධ්‍ය හමුවකදී අමරවීර අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමට රජය කටයුතු කරන බවත්, මේ සඳහා අදාල කැබිනට් පත්‍රිකාව යොමුවීමට නියමිත බවත් ය. 

ඒ අනුව, මිළ පාලනය කිරීමක් සිදුවනු ඇති බවත් ජනතාවට ඉන්ධන මිළ පිළිබඳ බරක් පැටවීමෙන් වැළකී සිටීමට රජය කටයුතු කරනු ඇති බවටත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය. 

කෙසේවෙතත්, ඉන්ධන මිළ සූත්‍රය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා ද The Morning  පුවත් පතට පළ කොට ඇති අදහස් මීට හාත්පසින්ම වෙනස් බව මින් පෙනී යයි. මේ පිළිබඳ අමාත්‍යවරයා ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එම පුවත්පත දරු උත්සාහය අසාර්ථකවී ඇත.

අනතුරුව මේ පිළිබඳ විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධර්ම වන්නිනායක ගෙන් කළ විමසුමක දී ඔහු පවසා ඇත්තේ,  අදාල මාධ්‍ය කැඳවීමෙන් පසු ඉන්ධන මිළ පිළිබඳ අවධානයක් යොමුකිරීමට අමාත්‍යවරයා කටයුතු නොකළ බවයි. 

ඒ අනුව, ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමක් පිළිබඳ සාකච්ඡාවක් නොපැවති බවත්, ඉදිරියේදී එවන් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවත් හෙතෙම අවධාරණය කොට තිබේ. 

image 1e9743259e 660x3812x                              ඇමති මංගල ඉන්දන මිළ සුත්‍රය හඳුන්වා දුන් අවස්ථාව... (වත්මන් භාණ්ඩාගාර ලේකම් ආටිගල දකුණු පස කෙලවර)

මේ අතර, එම පුවත්පත භාණ්ඩාගාර ලේකම් ආටිගල ගෙන් කල විමසීමකදී ඔහු පවසා ඇත්තේ, පසුගිය රජය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිළ සූත්‍රය අළුත් සංකල්පයක් නොවන බවයි. එම සූත්‍රය භාණ්ඩාගාරය තුළ ගතවූ දශක දෙකක පමණ කාලය තුළ භාවිතයට ගත් බවට හෙතෙම සඳහන් කොට ඇත. 

එසේ නොවන්නට ඉතිහාසය තුළ ඉන්ධන මිළ නියාමනය කිරීම පහසු කටයුත්තක් නොවීමට ඉඩ තිබූ බවද ආටිගල අවධාරණය කර ඇත. 

ඉන්ධන මිළ සූත්‍රය මේ වන විටත් අදාල බදු පැනවීම් මත යම් යම් සංශෝධන සහිතව යාවත්කාලීනව පවතින අතර, පසුගිය රජය විසින් සිදු කරන ලද්දේ එකී සූත්‍රය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමක් පමණක් බවද හෙතෙම පවසා ඇත.

කෙසේවෙතත්, ඉන්ධන මිළ සම්බන්ධව වත්මන් රජයේ විෂය භාර අමාත්‍යංශය විදුලි බල, බලශක්ති හා ප්‍රවාහන අමාත්‍යංශය වූවද, ඉන්ධන මිළ සූත්‍රය හඳුන්වා දෙන ලද්දේ පසුගිය රජයේ මුදල් අමාත්‍යංශය විසිනි. ඒ අනුව බලන කළ මෙකී අමාත්‍යංශ අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති කිරීමට ආටිගලගේ අනාවරණය සමත් ව තිබේ. 

සමරේ ප්ලීස් මචං...


Screen Shot 2020 01 06 at 3.59.18 PM                                                                                             ශානිකා සෝමතිලකගේ කාටුනයක් ....

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සඳහන් ව තිබෙන්නේ පවතින ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කර දමන බවට ය. කෙසේ වෙතත්, ජනපතිවරයා වත්මන් තත්ත්වය පිළිබඳ තවමත් සිය මතය පළ කොට නොමැත.

අදාල ඉන්ධන මිළ සූත්‍රය ඉදිරිපත් වී තිබුණේ 2018 මැයි මාසයේදීය. ප්‍රකාශයට පත් කරන ලද්දේ එම වසරේම ඔක්තෝබර් මාසයේ දී ය. ඉන්ධන ගොඩබෑමේ පිරිවැය, සැකසුම් පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදුකරණය මත පදනම්ව තාක්ෂණික කමිටුවක් විසින් මිල සූත්‍රය නිර්මාණය කළ අතර, එය “උපරිම සිල්ලර මිල (MRP) = V1 + V2 + V3 + V4” ලෙස ප්‍රකාශයට පත්වන ලදී.

පරණ ඉන්දන මිළ සුත්තරයම තමයි ලු !


ඉන්දන මිළ සුත්‍රය සම්බන්ධයෙ රජයේ පාර්ශව මෙසේ එකිනෙකට පරස්පර කතා කියද්දී ජනප්‍රිය දේශපාලන වැඩසටහනක් වන SL VLOG හි දර්ශන හදුන්ගොඩ එම කාරණය පැහැදිලි කරන්නේ මෙසේය.

(උපුටා ගැනීම් -lankanewsweb.net)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්