පොලිස්පති ධුරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.


පොලිස්පති ධුරයට නිලධාරියකු පත්කිරිම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ජනාධිපතිවරයාට තිබිය යුතු බවත් කුමන හෝ ආගමික නායකයකු ඒ සඳහා කරන බලපෑම් සුදුසු නොවන බවද උන් වහන්සේ කියති.

ඉතිහාසයේ පළමුවරට පොලිස්පතිවරයකු නැති පොලිසියක් වර්තමානයේ පවතින්නේ මෙම අනවශ්‍ය බලපෑම් නිසා යැයිද නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ කියති.

පොලිස්පති ධුරයට නිල නිලධාරින් කීපදෙනකු නම්කරමින් එම අය එම ධුරයට පත්නොකරන ලෙස කාදිනල්හිමියන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බව දැනගන්නට ඇතැයි සඳහන් කරන නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ, ඒ නිදහස ජනාධිපතිවරයාට දී ආගමික නායකයන් ඉන් බැහැරවිය යුතුයැයිද කියති.

 ආගමික නායකයන් ආණඩුවට බලපෑම් මෙන්ම උපදෙස් දිය යුතු කාරණා තිබුණත් රටේ ආරක්ෂාවට බලපාන පොලිස්පති වැනි ධුරයක් සම්බන්ධයෙන් කරන ඇඟිලි ගැසීම් නොවිය යුතු ඒවා යැයිද නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ කියති.


කාදිනල්තුමන්ගෙන් රහස් ලියුමක්!



අභිනව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට පිටු තුනක අතිශය රහස්‍ය ලිපියක් යොමුකර තිබේ.

එමගින් උන්වහන්සේ ඉල්ලා ඇත්තේ, එහි නම් සඳහන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාගේ නම් පොලිස්පති ධුරය සම්බන්ධ යෝජනා වුවහොත් ඒ ගැන සලකා බැලීමක්වත් නොකරන ලෙසයි.

මෙම නිලධාරීන් දෙදෙනා පාස්කු ප්‍රහාරය ඇතුළු කාරණා ගණනාවකදී වගකීම් පැහැර හැර ඇත. එනිසාම තමන්ගේ වෘත්තීය ගරුත්වය හා පොලීසියේ කීර්තිනාමය රැකගන්නට නොහැකි වූ මේ අයගේ නම් සලකා බැලීමක් හෝ නොකළ යුතු බව මෙරට සමස්ත කතෝලික ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින බව කාදිනල් හිමිපාණන් සඳහන් කර තිබේ.

උන්වහන්සේගේ මෙම ලිපිය කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 9 දෙනාටම යොමුකර තිබේ. එම ලිපියට පෙර මේ ගැන මෙරට කතෝලික රදගුරු සමුළුවද විශේෂ ලිපියක් යොමුකරන ලද බවත් එහි සඳහන් කර ඇත.

 මේ සම්බන්ධයෙන් 'දේශය' පුවත්පත විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගෙන් විමසා ඇති අතර ඔවුහු එම තොරතුරු සනාථ කර තිබේ.  ඒ අතරම ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා පත් කරන්නේ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට යොමුකරන නාමයෝජනා ස්වාධීනව සලකා බැලීමෙන් පසුව පමණක් බවත්, ඒ සඳහා බාහිර පාර්ශ්වයක උපදෙස් හෝ මැදිහත්වීම ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට බාධාකාරී වන බවත් ඔවුහු සඳහන් කර තිබේ. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්