leader s

මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9 කින් හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 600 ක් මෙතෙක් ලැබී නොමැති බවට අතිරේක සුරාබදු

කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේය.

මෙම කෝටි 600 න් කෝටි 200 කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු වන අතර හිඟ බදු මුදල් සහ ප්‍රමාද ගාස්තු ගෙවීමට එම සමාගම් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අතර සාකච්ඡාවක් පසුගිය ජුනි 27 දින පවත්වා තිබේ.

ප්‍රමාද ගාස්තු සඳහා වසරකට 36% ක පොලී අනුපාතයක් අයකෙරෙන අතර එම පොලී අනුපාතය අසාධාරණ බවට මත්පැන් නිෂ්පාදන ආයතන විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට පෙන්වා දී තිබේ.

දැනට වැඩිම බදු සහ ප්‍රමාද ගාස්තු ප්‍රමාණයක් ගෙවීමට ඇති එක් ආයතනයත් කාලයක් පුරා වසා දමා ඇති අතර එම වසා දැමූ කාලයටද ප්‍රමාද ගාස්තු සහ පොලිය අයකර ඇති හෙයින් එම කාලයට අය කරන ලද පොලිය කපා හැරීමට පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලා තිබේ. ඇතැම් ආයතන මේ වනවිට බදු මුදල් සහ හිඟ ගාස්තු ගෙවීමට පියවර ගෙන ඇති බවද පැවසේ.

මෙලෙස බදු නොගෙවූ ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් දේශපාලනඥයන්ට හා ඔවුන්ගේ පවුල්වලට අයත් බවද වාර්තා වේ.

(deshaya.lk)

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්