වත්මන් පාලකයින් රට ආර්ථික වශයෙන් පරිහානියට පත්කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරති.



වත්මන් පාලකයන් රට පරිහානියට පත්කරමින් සිටින බව කී කොළඹ අගරදගුරුතුමෝ, ඔවුන්ගේ ඉලක්කය සමස්ත පමුණුගම තීරයම පිටරටින්ට විකුණලා ඒවායෙන් කාලා බීලා ජොලි කිරීම බවත්, ඔවුන් මැරීගිය පසුව රටේ මිනිසුන්ට රොඩු පමණක් ඉතිරි වන බවත් සඳහන් කළහ.

මෙහෙම ගියොත් 2048 ක් වන විට රට විනාශ වන බවත් ජනාධිපතිවරයා ජනතාවට බොරු සිහින නොදිය යුතු බවත් අගරදගුරුතුමෝ වැඩි දුරටත් සඳහන් කළහ.

උන්වහන්සේ එබව පැවසුයේ, ඊයේ (02) පමුණුගම ප්‍රදේශයේ ආශිර්වාද පූජාවකට එක් වෙමිනි.

"අපේ රට හිඟාකන තත්ත්වයට පත්කරන නායකයෝ පිරිසක් තමයි අද මේ රටට පත්වෙලා ඉන්නේ. ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා කොළඹ වරාය දිගු කරනවාලු දික්ඕවිට. මොනවද මේ සිහින ? මේවා කරන්න පුළුවන් දේවල්ද ?  අපේ දැන් තියෙන වරායවත් ඒ අයට පාලනය කරගන්න බැරුව එක එක රටවලට දෙනවා. ඉලක්කයට මේ මුළු පමුණුගම තීරයම. මේවගෙන් මුදල් හම්බකරලා කාල බීලා ජොලි කරලා ඊට පස්සේ ඒ අය මැරිලා යයි. රටේ මිනිස්සුන්ය රොඩු විතරයි ඉතුරුවෙන්නේ මේ ක්‍රමවේදය තුළ. 2048ක් එන්නේ නැහැ. 2048 එන්න කලින් මෙහෙම ගියොත්නම් විනාශ වෙනවා."


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්