පොලිස්පති චන්දන වික්‍රමරත්නට ජනාධිපතිවරයා ලබා දුන් සේවා දිගුව ජුනි 25 වැනිදා අවසන් වූ අතර ඒ අනුව නව පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද යන්න

මෙතෙක් තීරණය කොට නොමැත.

එම පසුබිම තුළ සති දෙකකට ආසන්න කාලයක සිට පොලිස්පති පුටුව හිස්ව පවතී.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති වික්‍රමසිංහ සහ විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් අතර මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කල විමසීමකදී පැවසුයේ, වැඩබල පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද යන්න තීන්දු කරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම්දී ඇති බවයි.


 ඒ අනුව හෙට ඉරිදා පස්වරුවේ ජනාධිපතිවරයා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වෙනු ඇති බවත් එහිදී පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඒමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස්පතිවරයා සිටි වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති වික්‍රමසිංහ විසින් ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේය. එම සේවා දිගුව ඉකුත් ජුනි මස 25 වැනිදා අවසන් විය.

පොලිස්පතිවරයකු විශ්‍රාම යන අවස්ථාවේ ඔහු වෙනුවෙන් පොලිස් ආචාර පෙළපාලියක් පැවැත්වෙන නමුත්, සේවා දිගුව අවසන් වූ දිනයේ ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක් නොපැවතුණු බව ද පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

වික්‍රමරත්න පොලිස්පති තනතුරට පත්වූයේ 2020 වසරේදීය.

 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්