වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරනවා ද? නැතිනම් පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න ට සේවා දිගුවක් ලබාදෙනවා ද යන්න පිළිබඳව

ජනාධිපතිවරයා සහ විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් අතර අද (09) පස්වරුවේ පැවැත්වීමට නියමිත සාකච්ජාවේ දී තීන්දු වනු ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු පැවසිය.

පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න ඉකුත් මාර්තු මස 25 වනදා විශ්‍රාමයෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදුනි.

එම මාස 03ක සේවා දිගුව පසුගිය ජුනි මස 25 වනදා අවසන් විය.

ඒ අනුව, අදාළ කාලසීමාව අවසන් වී අදට දින 13ක් ගතවී ඇති පසුබිමකත් මෙතෙක් පොලිස්පතිවරයෙකු පත්කිරීමට පියවර ගෙන නොමැත.

එවන් පසුබිමක පසුගිය පසුගිය බදාදා ජනාධිපති වික්‍රමසිංහ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා තිබුණි.

ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා තව දුරටත් කියා සිටියේ, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා ගෙන් අයකු පොලිස්පති ලෙස පත්නොකොට, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊට පහලින් සිටින අයකු තාවකාලිකව හෝ වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීමෙන් අනවශ්‍ය අර්බුදයක් ඉදිරියේදී මතුවිය හැකිබව අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී පෙන්වා දී ඇති බවයි.

එහිදී ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න ට තවත් සේවා දිගුවක් ලබාදෙන්නේද යන්න නිර්දේශ කරන ලෙස ටිරාන් අලස් අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාවරයා හා ජනාධිපතිවරයා අතර පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

එහිදී පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඒමට බොහෝදුරට ඉඩ ඇති බවත් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරකු නම් කරනු ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, පසුගිය බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පෞද්ගලිකව මුණගැසී දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්