මැද පෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉපැයූ මුදලින් පෞද්ගලික පරිහරණයට කාන්තාවක ගෙනා රන් භාණ්ඩ කිහිපයක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් සමාජ

මාධ්‍යයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ගැන කඩිනම් පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

වජිර අබේවර්ධන ගේ මාධ්‍ය ලේකම්වරයා මගින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

අදාළ කාරණය සම්බන්ධයෙන් කඩිනම් විධිමත් පරීක්ෂණයක් කොට සත්‍ය කරුණු රටට හෙළි කරන ලෙස ද වජිර අබේවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප සභාපති වජිර අබේවර්ධන පැවසූයේ වැරදි පුවත් ප්‍රචාරය කරන්නන් හට ඉදිරියේදී නීතීමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.


රේගු මාධ්‍ය ප්‍රකාශක කියන කතාව !


මේ අතර රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පවසන්නේ, රත්තරන් තොගයක් නිදහස් කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට කර තිබුණේ බලපෑමක් නොව ආයාචනයක් බවයි.

මන්ත්‍රීවරයා එම ආයාචනාව විධිමත්ව කර තිබූ බව කියන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ, ඕනෑම භාණ්ඩයක් රාජසන්තක කිරීම සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ඍජුව හෝ වක්‍රව රේගුවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි.

WA 2023.07.10රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බණ්ඩාරනායක ගුවන්තොටුපල රේගු අධ්‍යක්ෂකට යැවූ ලිපිය.


මාධ්‍ය වාර්තා වල දැක්වෙන පරිදි පෙබරවාරි මාසයේ මෙරටට පැමිණෙමින් සිටි කාන්තාවක් රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් රන් වළලු හයක් සහ රන් මාල දෙකක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට තැත්කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

රේගු පරීක්ෂණයේදී කාන්තාව නීති විරෝධී ලෙස භාණ්ඩ රැගෙනවිත් ඇති බවට තීරණය වූ නිසා රුපියල් ලක්ෂයක දඩයක් සමඟ භාණ්ඩ රාජසන්තක කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කළේය.

කෙසේ වෙතත් එම කාන්තාව පසුව මේ බව මන්ත්‍රී අබේවර්ධන වෙත දැනුම්දී ඇති අතර මන්ත්‍රීවරයා විසින් මුදල් ඇමතිවරයාවන ජනාධිපති වික්‍රමසිංහගේ අවධානයට එම ඉල්ලීම යොමු කර තිබුණු බව වාර්තා වේ.

අනතුරුව මන්ත්‍රී අබේවර්ධන මෙම රන් ආභරණ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි ද එම අභියාචනය රේගු අභියාචනා කමිටුව වෙත යොමු කර තිබූ  බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.

රේගු අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ප්‍රධානියා නියෝග කර තිබුණේ අදාළ රන් ආභරණ නියමිත බදු ගෙවීමට යටත්ව එහි හිමිකරුට නැවත ලබාදෙන ලෙසයි.

රේගු පරීක්ෂණයකදී ලබා දුන් නියෝගය සාධාරණ නොවන බව හැඟේ නම් අත්අඩංගුවට ගත් හෝ රාජසන්තක වූ භාණ්ඩ නැවත ලබා ගැනීමට නිසි ක්‍රියාවලියක් තිබේ නම් ඕනෑම අයකුට රේගු අධ්‍යක්ෂවරයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ පළමු නියෝගය අවලංගු කර පවතින බදුවලට යටත්ව එම රන් භාණ්ඩ නිදහස් කරන ලෙස නියෝග කර තිබිණි.

(උපුටා ගැනීම් - lankasara.com)

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image