ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුර හෙබවු රාජපක්ෂ දෙසොහොයුරන්ට තහංචි පැනවු

විදෙස් ආණ්ඩුවක මන්ත්‍රීවරයකුට ලංකාවට ඇතුල් වීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අහිමි කර තිබේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා රජය වීසා ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ කැනඩාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගැරී ආනන්දසංගරීටය.

ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරයා ට්ව්ටර් පනිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ එය "මේ අප කරන කටයුතු වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමකි," යනුවෙනි.

Gary Anandasangaree

2015 සිට කැනඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන නීතිඥ ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයාගේ සහ නීතිපතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම් වරයායි.



මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙසොහොයුරන්ට 2023 වසරේ ජනවාරියේ සිට කැනඩාවට ඇතුල් වීම තහනම් වන අතර, උතුරේ යුද්ධයේ දී දෙමළ වර්ග සංහාරයක් සිදුවූ බව කැනඩාව නිල වශයෙන් පිළිගනී.



කැනඩා පාර්ලිමේන්තුවට ආනන්දසංගරී මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලදුව 2022 මැයි මාසයේ සම්මත කෙරුණු එම යෝජනාවෙන් දෙමළ ජනතාව මුල්ලිවයික්කාල් අනුස්මරණය පවත්වන මැයි 18 දා දෙමළ වර්ග සංහාර දිනය ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලංකාවේ රජය ඊට දැඩි විරෝධය පළකර තිබුණි.

ඇතැම් සිංහල කණ්ඩායම් ඊට ප්‍රතිචාර දැක්වුයේ මන්ත්‍රීවරයාගේ පඹයකු පුලුස්සමිනි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට එරෙහිව කැනඩා රජය විසින් මේ වසර මුල දී  සම්බාධක පනවා තිබුනේ එරට විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග රෙගුලාසි සංශෝධනය කරමිනි.

සන්නද්ධ ගැටුම්, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය සහ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බව මේ වසර මුලදී කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි සඳහන් කොට තිබුනි.

000 canada

0001 canada

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image