වලස්මුල්ල මූලික රෝහලේ භාවිතය සඳහා Video Bronchoscope සහ Incubation යන්ත්‍රයක්

ලබාදීමට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ පියවර ගෙන ඇත.

අධිකරණ ඇමතිවරයා විසින් කළ යෝජනාවක් පරිදි අධිනීතිඥ අජිත් පෙරේරා විසින් එම උපකරණ හා යන්ත්‍රය ඊයේ (13) ඇමතිවරයාගේ නිල නිවසේදී භාර දෙනු ලැබීය.

තම ජන්ම භූමිය වන වලස්මුල්ල සමග දැඩි සබඳතාවක් පවත්වන ඇමතිවරයා ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පවතින තම කැපවීම නොයෙක් වර ප්‍රදර්ශනය කර තිඛේ.

එහි ලා, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණුව හරහා ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඔහු බොහෝ පියවර ගෙන ඇත.

මෙම යන්ත්‍රය උපකාරයෙන් නවතම තාක්ෂණය හරහා රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම මෙන්ම, ලබා දෙන සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතිය ඉහළ නැංවීමට ද වලස්මුල්ල මූලික රෝහලට හැකි වන්නේය.

තමන් සේවය සලසන ජනතාවට හොඳම තත්ත්වයේ සෞඛ්‍යාරක්ෂාවක් ලබාදී ඔවුන්ගේ සුබසාධනය වැඩිදියුණුව වෙනුවෙන් වන මෙහෙය ඉටුකරලීමේ දී අමාත්‍යවරයාගේ දැඩි කැපවීම මහෝපකාරී වන බව වලස්මුල්ල මූලික රෝහලෙහි වෛද්‍ය සේවා මඩුල්ල කියා සිටී.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image