ෆෝඩන් සහ රෙබෙකා ඔවුන්ගේ දරු දෙදෙනා සමග සිත් ගන්නා ඡායාරූපයකට පෙනී සිටියා.

 

තරග බිමේදී කණ්ඩායමක ක්‍රීඩකයෙකු වී සිටීමෙන් පමණක් සෑහීමට පත්නොවූ පාපන්දු ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් තම නිවසේදීත් තමන්ගේම කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටිනවා.

‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමේ ෆිල් ෆෝඩන් (Phil Foden) තවමත් 23 වැනි වියේ පසුවූවත් ඔහු, ඔහුගේ පෙම්වතිය වන රෙබෙකා කූක් (Rebecca Cooke) සමග ඔවුන්ගේ තෙවැනි දරුවාගේ උපත බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙයින් තේරුම් යන්නේ 11 දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ කණ්ඩායමක් ගොඩනැගීම පිණිස ඔහුට ඕනෑතරම් කාලය තිබෙන බව.

මැදපෙල ක්‍රීඩක ෆෝඩන් සහ ඔහුගේ ළමා වියේ සිට පෙම්වතිය වන 22 හැවිරිදි රෙබෙකා ඔවුන්ගේ දරු දෙදෙනා වන සිවු හැවිරිදි රොනී හා අවුරුද්දක් වයසැති ටෲ සමග සිත් ගන්නා ඡායාරූපයකට පෙනී සිටියා.

 

ෆෝඩන් මෑතකදී හය වැනි දරුවාව පිළිගත් ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායම් සගයා වන කයිල් වෝකගේ අඩිපාරේ යාමට ඉඩ තිබෙනවා.
මේ ශීඝ්‍රතාව අනුව ෆෝඩන් මෑතකදී හය වැනි දරුවාව පිළිගත් ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායම් සගයා වන කයිල් වෝකගේ අඩිපාරේ යාමට ඉඩ තිබෙනවා.

සුපිරි පාපන්දු ක්‍රීඩකයන්ගේ පවුල්වල දරුවන් බොහෝ සිටීම අසාමාන්‍ය දෙයක් නොවේ. ලොකුම ළමයින් රොත්තක් සිටින නම ගිය පාපන්දු ක්‍රීඩකයන් කිහිප දෙනෙකි මේ.

*කයිල් වෝක (Kyle Walker) - ළමයින් 6 යි

 

කයිල් වෝක ඔහුගේ වෙන්වූ බිරිඳ වන Annie Kilner සමග ඔවුන්ගේ සිවු වැනි දරුවා ලෝකයට පිළිගත්තේ මේ මස මුලදී.

කයිල් වෝක ඔහුගේ වෙන්වූ බිරිඳ වන Annie Kilner සමග ඔවුන්ගේ සිවු වැනි දරුවා ලෝකයට පිළිගත්තේ මේ මස මුලදී. නැවත වරක් පියෙකු වීමට ලැබීම පිළිබඳව ඔහු සිටින්නේ ඉතාමත් ප්‍රීතියෙන් බව වාර්තා වනවා.

Roman (අවුරුදු 11), Riaan (7)  Reign (5) නමින් පුතුන් තිදෙනෙකු සිටින මේ යුවළ දෙවසරක විවාහ දිවියකින් පසුව ජනවාරියේදී වෙන් වුනා. එය එසේ සිදුවූයේ Lauryn Goodman නිරූපිකාව ඇගේ පුතා වන Kairo (4) සහ අට මසක් වයසැති දියණිය වෝකගේ දරුවන් බවට අනාවරණය කිරීමෙන් පසුව.

 

kyli‘යුරෝ 2024’ තරගාවලිය නැරඹීම පිණිස Lauryn ඇගේ දරුවන් දෙදෙනා සමග ජූනි මාසයේදී ජර්මනියට යාමට සැලසුම්
කයිල් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන ‘යුරෝ 2024’ තරගාවලිය නැරඹීම පිණිස Lauryn ඇගේ දරුවන් දෙදෙනා සමග ජූනි මාසයේදී ජර්මනියට යාමට සැලසුම් කර තිබෙන අතර කයිල්ගේ හිටපු බිරිඳ හා පුතුන් සිවු දෙනා ද එහි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

*ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) - ළමයින් 6 යි

https cdn.cnn.com cnnnext dam assets 220422121753 02 cristiano ronaldo newbornCR7 ලෙසින් නම් කළ රොනාල්ඩෝ ද තමාට ළමයින් හත් දෙනෙක් අවශ්‍ය බව කියා තිබෙන්නේ එය ඔහුගේ ‘මැජික් අංකය’ වන නිසා.

 

සිය නමේ මුලකුරු සහ පාපන්දු කමිසයේ අංකය සංකේතවත් කරමින් තම විලාසිතා ලාංජනය CR7 ලෙසින් නම් කළ රොනාල්ඩෝ ද තමාට ළමයින් හත් දෙනෙක් අවශ්‍ය බව කියා තිබෙන්නේ එය ඔහුගේ ‘මැජික් අංකය’ වන නිසා.

මේ වන විට රොනාල්ඩෝ ට දරුවන් හය දෙනෙකු සිටිය යුතු වූවත් 2022 අප්‍රේල් මාසයේදී ඔහුට එක් පුතෙක් ඛේදනීය ලෙස අහිමි වුනේ සිඟිත්තා උපත ලැබූ පසුව මිය ගිය බැවින්.

ඔහුගේ වැඩිමල් පුතා වන 13 හැවිරිදි ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ (කණිෂ්ඨ) අමෙරිකාවේ උපත ලැබූ අතර ඔහු හදා වඩා ගත්තේ රොනාල්ඩෝ. ඒ පුතාගේ මව කවුරුන්දැයි කවරවිටකවත් නම් කර නැහැ.

ජෝජියානා රොඩ්රීගස් (Georgina Rodriguez) නිරූපිකාව සමග සම්බන්ධයක් ඇති කර ගෙන වැඩි කල් නොගොස් ,2017 ජූනි මාසයේදී, රොනාල්ඩෝ අමෙරිකාවේදී ආදේශක මවකගේ මාර්ගයෙන් Eva හා Matteo යන, දැන් හය වැනි වියේ පසුවන, නිවුන්නු දෙදෙනෙකුට පියා වූ බව අනාවරණය වුනා.

 

 123233717 ronaldo4*ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ගේ ළමයින්
ඊළඟ මාසයේදී, තමා සහ ජෝජියානා දරුවකු බලාපොරොත්තුවෙන් සිටින බව රොනාල්ඩෝ කියා සිටි අතර 2017 නොවැම්බරයේදී ඉපදුනු දරුවාට නම තැබුවේ Alana Martina ලෙසින්.

2022 වසරේ අප්‍රේල් මස 18 වැනිදා, ජෝජියානා නිවුන්නු දෙදෙනෙකුට උපත ලබා දුන්නත් එක් කෙනෙක් මිය ගිය බවත් දුව Bellaගේ ජීවිතය බේරුණු බවත් යුවළ දුක්මුසුව නිවේදනය කළා.

*ඉයන් රයිට් (Ian Wright) - ළමයින් 8 යි

 

ianකාන්තාවන් සිවු දෙනෙකුගෙන් දරුවන් අට දෙනෙකු සිටින ඉයන් රයිට් පළමු වතාවට පියෙකු වන විට පසුවූයේ 19 වැනි වියේ.
asdකාන්තාවන් සිවු දෙනෙකුගෙන් දරුවන් අට දෙනෙකු සිටින ඉයන් රයිට් පළමු වතාවට පියෙකු වන විට පසුවූයේ 19 වැනි වියේ. ඒ, ඔහුගේ පෙම්වතිය වන ෂැරොන් ෆිලිප්ස් (Sharon Phillips)ගේ පුතා Shaun දරුකමට හදා ගනිමින්.

ඉයන්, ෂැරොන් සමග Bradley හා Brett නමින් තවත් දරුවන් දෙදෙනෙකුට උපත ලබා දුන්නේ වයස අවුරුදු 21 වන විට තෙදරු පියෙක් බවට පත්වෙමින්.

Brett මෙලොව එළිය දැක වසරකට පසුව, ඉයන් සහ ෂැරොන් වෙන් වූයේ ඔහු ඔහුගේ ළමා වියේ මිතුරියක වන Debbie සමග නැවත සම්බන්ධ වෙමින්. ඇය හැදී වැඩී තිබුනේත් ඔහුගේ නිවස සමීපයේ.

මේ දෙදෙන 1993 වසරේ Mauritius හි දී සුඛෝපභෝගී විවාහෝත්සවයක් ගත් අතර ඊළඟ වසරේදී දෙදෙනාගේ පළමු පුත්‍රයා වන Stacey උපත ලැබුවා.

වසර තුනකට පසුව, ඉයන් තවත් කාන්තාවක් සමග හාදකමක් පවත්වන බව දැනගැනීමෙන් පසුව Debbie ඉයන්ව නිවෙසින් පලවා හැරියත් වැඩිකල් නොගොස් ආපසු කැඳවා ගත් අතර ඔවුන්ට Bobbi-Lee දියණිය ලැබුනා.

නමුත් 2008 වසරේදී, ඉයන් නැවත වරක් තමාට ද්‍රෝහී වෙමින් 2006 වසරේදී උපන් තවත් දරුවකු වන Coco නමැති දියණියට පියා වී ඇති බව Debbie අනාවරණය කළා.

 

76607559 0 image a 16 1697447747313ඔහුට අවන්හලකදී මුණගැසුනු Nancy Hallam සිය දෙවැනි බිරිඳ ලෙස 2011දී විවාහ කර ගත් අතර ඔහු ඇයව හැඳින්වූයේ ඔහුගේ ‘පරිපූර්ණ කාන්තාව’ ලෙසින්.
ඉයන්, ඔහුට අවන්හලකදී මුණගැසුනු Nancy Hallam සිය දෙවැනි බිරිඳ ලෙස 2011දී විවාහ කර ගත් අතර ඔහු ඇයව හැඳින්වූයේ ඔහුගේ ‘පරිපූර්ණ කාන්තාව’ ලෙසින්.

ඔවුන්ට Lola සහ Roxanne නමින් දූවරුන් දෙදෙනෙක් සිටිනවා. “එයාලගෙන් වෙන්වෙලා ඉන්න මට බැහැ” යනුවෙන් ඉයන් පවසනවා.

හිටපු එංගලන්ත ක්‍රීඩක ඉයන් රයිට් ඔහුගේ A Life In Football නමැති ස්වයං ලිඛිත චරිතාපදානයෙන් මෙසේ කියනවා: “මට මෙහෙම වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මට ඔ්න වුනේ එක පාරක් විවාහ වෙන්න විතරයි. මේ වගේ වෙනස් තත්ත්වයන් යටතේ මෙච්චර ළමයි හදන්න මම කවදාවත් සැලසුම් කර තිබුනේ නැහැ.”

*රොබර්තො කාර්ලොස් ඩ සිල්වා (Roberto Carlos da Silva) - ළමයින් 11 යි

 

fotonoticia 20170710121738 1200හිටපු බ්‍රසීලියානු පාපන්දු ක්‍රීඩක 51 හැවිරිදි රොබර්තො කාර්ලොස් ට කාන්තාවන් හත් දෙනෙකුගෙන් දරුවන් 11ක් සිටිනවා.
හිටපු බ්‍රසීලියානු පාපන්දු ක්‍රීඩක 51 හැවිරිදි රොබර්තො කාර්ලොස් ට කාන්තාවන් හත් දෙනෙකුගෙන් දරුවන් 11ක් සිටිනවා. මීට අමතරව ඔහුට Pedro නමින් හත් හැවිරිදි මුනුපුරෙකු ද සිටිනවා.

Pedro, මේ හිටපු Real Madrid ක්‍රීඩකයාගේ දෙවැනි දුව වන 27 හැවිරිදි Giovannaගේ දරුවා.

Giovanna ද ඇතුළුව කාලොස් ට දරුවන් තිදෙනෙක් ඔහුගේ පළමු බිරිඳ වන Alexandra Pinheiroගෙන් සිටින අතර Roberta සහ Roberto Carlos (කණිෂ්ඨ) යන අනෙක් දෙදෙනා දරුකමට හදාගන්නා ළමයින්. ඔහුට සිය වර්තමාන බිරිඳ වන Mariana Lucconගෙන් Manuela (අවුරුදු 14), Marina (7) සහ තවත් ළාබාල දරුවන් දෙදෙනෙක් සිටිනවා. රොබර්තො කාර්ලොස් ට Carlos Eduardo, Christopher, Junior හා Luca යන නම්වලින් පුතුන් සිවු දෙනෙකු ද සිටින්නේ වෙනත් සම්බන්ධතාවල ප්‍රතිඵල ලෙසින්.

තමාට තමාගේ සමහර දරුවන් දැක ගැනීමට නොහැකි නිසා තමා පීඩා විඳින බව කාර්ලොස් 2018 වසරේදී බ්‍රසීලියානු ගුවන්විදුලියකට කියා තිබුනා.

 

afp fr a76a612025d53f63d2d8efe17459311b65e0e355ඔහු‌ගේ හිටපු සහකාරියන්ගෙන් තිදෙනෙකු ඔහුට එරෙහිව නඩු මගට පිවිසියේ බොරු කීම සහ ඔවුන්ගේ දරුවන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී නොසිටින බවට කාර්ලොස් ට චෝදනා කරමින්.
එයින් පසුව, ඔහු‌ගේ හිටපු සහකාරියන්ගෙන් තිදෙනෙකු ඔහුට එරෙහිව නඩු මගට පිවිසියේ බොරු කීම සහ ඔවුන්ගේ දරුවන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී නොසිටින බවට කාර්ලොස් ට චෝදනා කරමින්.

කාර්ලොස් මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ඔහුට තම දරුවන් සමග සම්බන්ධ වීමට නොහැකි වී තිබෙන්නේ තමා සහ ඔවුන් ජීවත් වන රටවල් අතර තිබෙන දුර සහ ඔවුන්ගේ මව්වරුන් සමග තිබෙන අයහපත් සම්බන්ධතාව නිසා බවට කියා සිටියා.

කෙසේ වෙතත් ඔවුන්ගේ වියදම් පිළිබඳව කටයුතු කිරීමට ඔහු අවසානයේ එකඟ වුනා.

*පෙලේ (Pele) - ළමයින් 7 යි

 

pele kids 120922 bf5eed8806104bad8884c86ef4530246ඔහුගේ ජීවිත කාලය තුළ ඔහුට දරුවන් බොහෝ සිටියා.
බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්තය වන පෙලේ 82 වැනි වියෙහි පසුවෙමින් සිටියදී 2022 වසර අවසානයේ මිය ගිය ගිය අතර ඔහුගේ ජීවිත කාලය තුළ ඔහුට දරුවන් බොහෝ සිටියා.

තෙවතාවක් විවාහ වූ පෙලේ, තමා සම්බන්ධකම් ගණනාවක් ම පැවැත්වූ බැවින් තමාට සිටින දරුවන් සංඛ්‍යාව කොපමණදැයි නොදන්නා බව සිය Netflix වාර්තාමය චිත්‍රපටයෙන් පාපෝච්චාරණය කර තිබෙනවා.

පෙලේ ඔහුගේ පළමු බිරිඳ Rosemeri dos Reis Cholbi විවාහ කර ගත්තේ 1966 පෙබරවාරියේ. දෙදෙනාට Kelly, Edinho සහ Jennifer නමින් දරුවන් තිදෙනෙකු සිටියා.

කෙසේ වෙතත්, Rosemeri සමග වෙන් වීමෙන් පසුව, පෙලේ ඔහුගේ ගෘහ පාලිකාව වූ Anizia Machado සමග පැවැත්වූ ඇසුරකින් සැන්ඩ්‍රා මචාඩෝ (Sandra Machado) නමැති ඔහුගේ දියණිය 1993 වසරේදී බිහිවුනා. 

ඔහු ‘ඩී.එන්.ඒ.’ පරීක්ෂණයකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ බැවින් තමා ඔහුගේ දුව බවට පිළිගන්නා ලෙසට නඩු මගට බැසීම හා The Daughter Pele Never Wanted නමින් පොතක් පළ කිරීම හැරෙන්නට වෙනත් විකල්පයක් සැන්ඩ්‍රා ට තිබුනේ නැහැ.

0 Pele FootballJoshua හා Celeste නමින් නිවුන්නු දෙදෙනෙකුට උපත ලබා දුන්නා. 

 

පෙලේ නඩුවෙන් පරාද වූයේ ‘ඩී.එන්.ඒ.’ පරීක්ෂණයෙන් සැන්ඩ්‍රා ඔහුගේ දියණිය බවට තහවුරු වූ නිසා.

සිවු වසරකට පසුව, පෙලේ ඔහුගේ දෙවැනි බිරිය වන මානසික වෛද්‍ය හා ආගමික ගායිකා Assaria Lemos Seixas සමග විවාහ වෙමින් Joshua හා Celeste නමින් නිවුන්නු දෙදෙනෙකුට උපත ලබා දුන්නා. 

2016 වසරේදී විවාහ වූ තමාගේ තෙවැනි බිරිඳ Marcia Cibele Aoki සමග පෙලේ ට කිසිදාක දරුවන් සිටියේ නැහැ.

*ඩිඒගෝ මැරඩෝනා (Diego Maradona) - ළමයින් 5 සහ 11 අතර ප්‍රමාණයක්

 

maradonadආජන්ටිනා සුපිරි පාපන්දු තරුව සතුව සිටින ඔහුගේ ළමයින් රොත්තෙන් 11 දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ පාපන්දු කණ්ඩායමක් ආරම්භ කළ හැකි බව.

2020 වසරේදී මැරඩෝනා මිය ගොස් වැඩි කලක් යන්නට මත්තෙන්, ඔහුගේ එක් දියණියක වන Giannina විහිළු කරමින් කියා සිටියේ ආජන්ටිනා සුපිරි පාපන්දු තරුව සතුව සිටින ඔහුගේ ළමයින් රොත්තෙන් 11 දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ පාපන්දු කණ්ඩායමක් ආරම්භ කළ හැකි බව.
 
මැරඩෝනා පුතුන් දෙදෙනෙක් හා දියණියන් තිදෙනෙක් පමණක් තමාගේ බවට පිළිගත්ත ද, වෙනත් නොයෙකුත් ආශ්‍රයන්ගෙන් අවම වශයෙන් තවත් දරුවන් හය දෙනෙකු ඔහුට සිටින බව පැවසෙනවා. මින් සමහරෙක් ඔවුන්ගේ පියාගේ ආදරය ඉල්ලා තිබුනා. 
 
ඔහුගේ හිටපු බිරිඳ Claudia Villafane ට දාව උපන් දියණියන් දෙදෙනා වන Dalma හා Gianinna සහ තම පෙම්වතිය Veronica Ojedaගෙන් ලැබුනු පුතා වන Diego Fernando තමාගේ බවට මැරඩෝනා පිළිගත්තා.
 
අවන්හල් සේවිකාවක වන Valeria Sablalin සමග පැවැත්වූ ලිංගික ඇසුරකින් උපන් Jana Maradona නමින් දියණියක් ද, ඉතාලි ජාතික Cristinia Sinagra සමග පැවති ලිංගික සම්බන්ධයෙන් ලැබුනු Diego Sinagra නමින් පුතෙකු ද මැරඩෝනා ට සිටියා.
 
 115784249 gettyimages 1246886070 594x594මැරඩෝනා කියුබාවේ ජීවත් වෙමින් සිටි කාලයේදී ඔහුට දාව දරුවන් සිවු‌ දෙනෙකු බිහිවූ බව පැවසෙන අතර මින් තිදෙනෙකු නම් කර තිබෙන්නේ Joana, Lu හා Javielito යනුවෙන්.
නමුත් Santago Lara සහ Magali Gil ද මාධ්‍ය මාර්ගයෙන් මැරඩෝනා ට ආයාචනය කළ අතර ඔහු මිය යාමට පෙර මේ දෙදෙනා ‘ඩී.එන්.ඒ.’ පරීක්ෂණයක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි බව සඳහන් වනවා.

මැරඩෝනා කියුබාවේ ජීවත් වෙමින් සිටි කාලයේදී ඔහුට දාව දරුවන් සිවු‌ දෙනෙකු බිහිවූ බව පැවසෙන අතර මින් තිදෙනෙකු නම් කර තිබෙන්නේ Joana, Lu හා Javielito යනුවෙන්.

*ගරින්ෂා (Garrincha) - අවම වශයෙන් ළමයින් 14ක්


27fb7d27753f32d4b923c96102f3ad8f1983දී මිය යන විට ඔහුගේ වයස වී තිබුනේ අවුරුදු 49ක් පමණයි.එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැළකෙන ගරින්ෂා තදින් මත්පැන් පානයට ඇබ්බැහි වී ශෝචනීය අයුරින් කළින් ම මරණය සොයා ගියා. 

1983දී මිය යන විට ඔහුගේ වයස වී තිබුනේ අවුරුදු 49ක් පමණයි.
 
නමුත් ගරින්ෂා ට ක්‍රීඩා පිටියෙන් පිටතදී තිබුනේ‌ ඉතාමත් අපකීර්තිමත් ජීවන ශෛලියක්. ඔහු අවම වශයෙන් දරුවන් 14 දෙනෙකුගේ පියෙකු බවට විශ්වාස කෙරෙනවා.
 
1952 සිට 1965 දක්වා විවාහ වී සිටි ඔහුගේ පළමු බිරිඳ වන Nair Marques සමග ඔහුට දියණියන් අට දෙනෙක් සිටියා.

අනතුරුව ගරින්ෂා, ‘සම්බා’ ගායිකා Elza Soares සමග තිබූ අපකීර්තිමක් ඇසුරකින් පසුව ඇය සමග විවාහ වූවද, බහින් බස් වීමක් අතරතුර ඔහු ඇයට පහර දීමෙන් පසුව දෙදෙනා 1977දී වෙන් වුනා.
 
සිය වර්ණවත් ජීවන රටාව සමග මේ ක්‍රීඩකයා තවත් බොහෝ කාන්තාවන් සමග සබඳතා පැවැත්වූ අතර ඔහු තමාගේ නිත්‍යානුකූල දූවරුන් අට දෙනාට අමතරව අවම වශයෙන් තවත් දරුවන් හය දෙනෙකුගේ පියා වන බවට විශ්වාසයක් පවතිනවා.
 
*ඔන්ට්වන් ග්‍රීස්මන් (Antoine Greizmann) - එකම දිනයේ උපන් දරුවන් 3 දෙනෙක්
 
GKo9U5zWAAABBCr.jpg largeමේ ප්‍රංශ පාපන්දු තරුව ට ඔහුගේ දරුවන් සියලු දෙනා ම ලැබුනේ පස් වසරක් ඇතුළත එකම දිනයේ වීම විශේෂත්වයක් නොවන්නේද?

දරුවන් තිදෙනෙකු සිටීම අසාමාන්‍ය දෙයක් නොවූවද, මේ ප්‍රංශ පාපන්දු තරුව ට ඔහුගේ දරුවන් සියලු දෙනා ම ලැබුනේ පස් වසරක් ඇතුළත එකම දිනයේ වීම විශේෂත්වයක් නොවන්නේද?

ලෝක කුසලාන ජයග්‍රාහී ආක්‍රමණික ක්‍රීඩක ග්‍රීස්මන්ගේ පළමු දියණිය වන Alba උපන්නේ 2021 වසරේ අප්‍රේල් 8 වැනිදා.

මේ අතර, ඔහුගේ දියණිය Mia ඉපදුනේ 2016 වසරේ ඒ දිනයේ දී ම. පුතු Amaroගේ උපත සිදුවූයේ 2019 වසරේ අප්‍රේල් 8 වැනිදා.
පුදුමයි....ඒත්, ඇත්ත යි!

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්