මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල කඩා වැටිමක් සහ ව්‍යවසනයක් සිදුව ඇති බවත් වසර 30ක් පැවැති ත්‍රස්තවාදය මුලින් උපුටා දමපු මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට ත්‍රස්තවාදයක් වී ඇති බවත් විපක්ෂ

නායකවරයා පැවසීය.

බංකොලොත් මේ රටේ ලක්ෂ 220ක්වූ ජනතාවගේ කරපිටින් මූල්‍ය නාස්තිය, වංචාව, හොරකම, අක්‍රමිකතාව, ගුණාත්මකභාවයෙන් අඩු සහ බාල බෙහෙත්, වෛද්‍ය උපකරණ ගෙන්වීම මෙන් ම රටට තොරතුරු සැගවීම, ඇත්ත කතාකරන වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයන් දඩයම් කිරීම, රාජ්‍ය මර්දනය, රාජ්‍ය ත්‍රස්තවාදය ආදී සියලු උපක්‍රම උපයෝගී කර ගෙන නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය විනාශ කරන වැඩපිළිවෙළක මේ රජය නිරත වන බවත් එය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

ඔහු එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8 හි ඊයේ (13) පැවති විශේෂ සාකච්ජාවකදීය.


ගැටලුවලට විසැඳුම් හොයන්න කමිටුවක්


 රට මේ වන විට මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ රටට සත්‍ය හෙළි කිරීමේ අරමුණ පෙරදැරිව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකවරයකු විසින් කමිටුවක් ස්ථාපිත කිරීම ඊයේ (13) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8 දී සිදු විය.



රටේ විවිධ ක්ෂේත්‍රවල පවතින ගැටලු සොයා බලා විසඳුම් ලබාදීම සඳහා  විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටුවක් ඊයේ (13) එහිදී ස්ථාපිත කෙරුණි.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කමිටුව හරහා විවිධ ක්ශේත්‍රවල ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස් වූ අතර රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘතිකයන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය යනාදිය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඊට එක්ව සිටියහ.

 බෙහෙත් ගෙන්වීමේ දී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවට පනතේ සඳහන්ව තිබුණත් එය නොසලකා විශේෂ අවස්ථාවක් යැයි ප්‍රකාශ කරමින් පනතේ 109 වගන්තිය උපයෝගී කර ගෙන මිනිසුන්ගේ මළකදන් මතින් ‘වෛද්‍ය ව්‍යාපාර’ කරන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස බාල නිර්වින්ධන ඖෂධ ලබා දීම නිසා පසුගිය කාලයේ දරුවන්ගේ, පුරවැසියන්ගේ ජීවිත රැසක් නැති වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කර සිටියේය.

අද වන විට පිළිකා රෝගීන්ට අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ උපකරණ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැලි වී පැරණි උපකරණ භාවිත කරන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මේ නිසා රට අතහැර යන බවත් සිටින වෘත්තිකයන් රජය දඩයම් කරන බවත් ඔහු පැවසීය. එ

සේ ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේඥවරු 23ක් ඉන් ඉවත් කර තොරතුරු සඟවා ඇති බවත් සමහර වෛද්‍යවරුන් තොරතුරු ඉදිරිපත් කරන විට ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහි දී සඳහන් කර සිටියේය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති රටක සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු සඟවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය තහවුරු කිරීමට රට වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් ඇත්ත කතා කරන්න ඉදිරිපත් වන සෞඛ්‍ය වෘත්තිකයන් සහ අනෙකුත් වෘත්තිකයන් වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දීමට කටයුතු කරන බවයි.

රජය වැරදි අඩුපාඩු නිවැරදි කර ගත යුතු බවත් එම නිවැරදි විසදුම් ගන්නා තෙක් විමසිල්ලෙන් සිටින බවත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩා වැටීම ඊළඟ මානව ව්‍යවසනයක් විය හැකි හෙයින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.

තවද ආංශික කාරක සභාවලට අමාත්‍යාංශ නිලධාරීන් පමණක් නොව විවිධ සංගම්වල නියෝජිතයන් ගෙන්වීමේ හැකියාවක් පවතින බවත් ඒ තුළින් සත්‍ය අනාවරණය කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image