leader s

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රශ්න සහගත ලෙස මියගිය චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායම වහාම පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලදී අදාළ තරුණියට ලබාදුන් එන්නත මරණයට හේතු වී නොමැති බව හෙළිව ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් එය සැකහැර තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි බවයි.

අදාළ එන්නත ලබාදුන් 12 දෙනෙකු මේ වනවිටත් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ය.

21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබුණේ පාචන රෝග තත්ත්වයක් හේතුවෙන් ය.

එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර තිබුණි.

ඥාතීන් පවසන්නේ ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මිය ගිය බවයි.

මෙම තරුණියට වාට්ටුවේදී එන්නත් දෙකක් ලබාදුන් අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑ ගසා ඇති අතර පසුව වැසිකිළියට ගොස්  වමනය දමා ටික වේලාවකින් මියගිය බව ඇගේ මව වන මායා ඉන්ද්‍රානි මාධ්‍ය වෙත පැවැසුවාය.


සබැඳි පුවත් :
තවත් තරුණියක් එන්නතකට බිලි


සැක සහිත නිර්වින්දන ඖෂධ භාවිතයෙන් ඉවතට


 
ආන්දෝලනයට තුඩු දුන් නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ගැටලු රාශියක් ඇති කරන ලද එම නිර්වින්දන ඖෂධය වෙනුවට වෙනත් ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසීය.

ඒ අනුව, ආනයනය කළ ඖෂධ තොගය අද (ජූලි 14) දිනයේ දිවයිනට ළඟා වීමට නියමිත බව ද හෙතෙම කීය.

මෙලෙස ආන්දෝලනයට තුඩු දුන් ඖෂධ දෙකෙන් එකක් ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශිත බව ද ඔහු සඳහන් කළේ ය.

ගැටලු මතු වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කර ඇති බවත් එහි සාම්පල් ඖෂධ නියාමන අධිකාරිය යටතේ පවතින රසායනාගාරවල පරීක්ෂණයට යවා ඇති බව ත් ඔහු පැවසීය.

ඊට අමතරව මේ ඖෂධ ගැටලුව කුමක් ද යන්න සොයා බැලීමට වෙනත් රසායනාගාර කිහිපයකට ද සාම්පල් යවා ඇති බවද ඔහු සඳහන් කළේ ය.

පසුගිය මාස කිහිපයේ අදාළ ඖෂධ භාවිත කිරීමෙන් පසු සැත්කම් සිදු කළ කාන්තාවන් කිහිප දෙනෙකු මිය යාමත් සමග මෙම නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්