1980 සිට ආහාර පාන සඳහා යොදා ගත් කෘතිම රසකාරකයක් පිළිකාරකයක් බව

ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කර ඇත.

 ලොව ප්‍රමුඛතම සංවිධානයක්, කෘත්‍රිම රසකාරකයක් සම්බන්ධයෙන් මෙවැනි අනාවරණයක් සිදු කළ පළමු අවස්ථාව මෙයයි.

ඇස්පාටෙම් නම් මෙම කෘත්‍රිම රස කාරකය හේතුවෙන් පිළිකා කාරක සෛල මිනිස් සිරුර තුළ වර්ධනය වියහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

විශේෂයෙන් අක්මා ආශ්‍රිත පිළිකා ඇති විය හැකි බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ පරීක්ෂණයකදි අනාවරණ වී ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම කෘත්‍රිම රසකාරකය භාවිත කරන්නේ අඩු සීනි පැණි බීම සහ අඩු සීනි ආහාර වර්ග නිෂ්පාදනය සඳහායි.

ආහාර පාන, චුයින්ගම්, ජෙලටින්, අයිස්ක්‍රීම්, යෝගට් වැනි කිරි නිශ්පාදන, උදෑසන ධාන්‍ය ආහාර, දන්තාලේප, කැස්ස සඳහා භාවිත කරන ඖෂධ සහ සපා කෑමට නිර්දේශ කරන ඖෂධ ඇතුළු නිශ්පාදන රැසක් සඳහා මෙම කෘතිම රසකාරකය භාවිත කරනු ලබයි.

(nethnews.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්