තායිලන්තයේ ‘‘පත්තයා’’ නුවරදී ඊයේ (16) නිමාවට පත්වූ 24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී වාර්තා රැසක්ම බිඳ දමමින් ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් ඇතුළුව මුළු පදක්කම් අටක් දිනා ගැනීමට සමත්

විය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහිදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් හා මීටර 4x400 (පිරිමි) ඉසව්වෙන් නව ආසියානු ශූරතා වාර්තා දෙකක් පිහිටුවීමටද සමත්වූ අතර 1973 දී මෙම තරගාවලිය ආරම්භයෙන් පසුව ශ්‍රී ලංකාව මෙතෙක් දිනාගත් ඉහළම පදක්කම් ගණන ලෙස එය ඉතිහාසගත වේ.

වසර 2002 කොළඹදී පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව මීට පෙර වැඩිම පදක්කම් ගණනක් දිනා ගැනීමෙන් පසුව ඔවුන් දිනාගත් වැඩිම පදක්කම් ගණනත් මෙයයි. කොළඹ තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 3 ක් ඇතුළුව පදක්කම් හයක් දිනා හයවැනි ස්ථානය ලැබීය.

360146907 831046285053643 152024124804806850 n
ශ්‍රී ලංකාව ඊයේ  පත්තයා නුවරදී නිමාවට පත්වූ 24 වැනි තරගාවලියේදී රන් පදක්කම් 3 හැරුණු විට ලෝකඩ පදක්කම්  තුනක් හා රිදී පදක්කම් දෙකක් හිමිකර ගැනීමෙන් වාර්තා පොතට ඇතුළත් වූයේ මෙවර තරගාවලියේ සිව්වැනි ස්ථානයට පත් වෙමිනි.

එය විශ්ලේෂණයේදී වඩාත් වැදගත්කමක් වන්නේ දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම මලල ක්‍රීඩා ප්‍රතිවාදියා වන ඉන්දියාව  හා සන්සන්දනය කිරීමෙනි.

ඉන්දියාව මෙවර රන් පදක්කම් හයක් රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කම් නවයක් (මුළු එකතුව 27) දිනා තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වූයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 56 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී කරමිනි.


ඒ අතර ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ මේසා විශාල ජයග්‍රහණයක් අත්කර ගත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගී කරමිනි.

ජපානය මෙවර තරගාවලිය ජය ගත්තේ රන් පදක්කම් 16 ක් දිනා ගනිමිනි. ඔවුන්ගේ රිදී හා ලෝකඩ පදක්කම් ගණන පිළිවෙළින් 11 ක් හා 10 ක් වීමෙන් මෙවර චීනය ඔවුන් හමුවේ දැඩි පසුබෑමට ලක්විය. චීනයේ මෙවර රන් පදක්කම් ගණන අටකට පමණක් සීමා විය.

1685960516 Tharushi 6
ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නගේ මීටර 800 (කාන්තා) ඉසව්වේ වාර්තාගත ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව ඉහළම අවධානය නැවත දිනා ගත්තේ මීටර 4x400 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම නව වාර්තාවක් සහිතව ජය ගැනීමෙනි.

අනුර දර්ශන, රාජිත රාජකරුණා, පබසර කේෂාන් නිකූ හා කාලිංග කුමාරගේ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එහිදී විනඩි 3 තත්පර 01.56 කට මෙහි රන් පදක්කම දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායම (රිදී පදක්කම:- විනාඩි 3 තත්පර 01.80) තියුණු පරාජයකට යොමු කරමිනි. එය එම ඉසව්වෙන් ඊයේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයෙන්ම දෙවැනි තැනට පත්වීමට හේතුවිය.

359824247 6322978341157807 3620229297984631213 n

ඒ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම වසර 2015 වූහාන් තරගාවලියේදී විනාඩි 3 තත්පර 02.50 ක කටාර් කණ්ඩායම විසින් එතෙක් සතු කරගෙන තිබූ ඉසව්වේ වාර්තාවද බිඳ දැමීමට සමත් විය. අවසන්වරට මීටර් 4 x 400(පිරිමි) ඉසව්වේ රන් පදක්කම වසර 2002 දී ශ්‍රී ලංකාව දිනා ඇත.  

මේ අතර පිළිවෙලින් ධාවනයේ යෙදුණු නදීෂා රාමනායක, සයුරි ලක්‍ෂිමා, නිෂේන්ද්‍රා හර්ෂණි ප්‍රනාන්දු හා තරුණි කරුණාරත්නගෙන් සමන්විත ශ්‍රී ලංකා මීටර 4x400 සහය දිවීමේ කාන්තා කණ්ඩායම විනාඩි 3 තත්පර 33.27 කට අද රිදී පදක්කම ලැබුවේ රන් පදක්කම දිනූ වියට්නාම කණ්ඩායමට (3.32.36) තියුණු සටනක් දෙමිනි.

361609182 830966531728285 3648032400735638083 n

ශ්‍රී ලංකාවේ සහය දිවීමේ ඉසව්හි දස්කම් මෙවර තරගාවලියේ තවදුරටත් විශිෂ්ට මුහුණුවරක් ගත්තේ විනාඩි 3 තත්පර 15.41 කට මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමද පෙරේදා (15) රිදී පදක්කම දිනා ගැනීමෙනි.

359475524 829859455172326 2324835502208345442 n

අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න, කාලිංග කුමාරගේ හා නදීෂා රාමනායක යන ශ්‍රී ලංකා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම එහිදී ආසියානු ශූරතා තරගාවලියට පළමුවතාවට හඳුන්වා දුන් එහි දෙවැනි ස්ථානයට පත්වන අතර ඉන්දියාව රන් පදක්කම දිනුවේ විනාඩි 3 තත්පර 14.70 කටය.

තරගාවලිය පැවැති දින හතර පුරා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් දකුණු ආසියනු, ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ යන කාණ්ඩ කිහිපයකින්ම නව වාර්තා බිහිවීමත් කැපී පෙණුනි.

සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද (17) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.

(kelimandala.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්