රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ (OPD) වෛද්‍යවරුන් අද (19) පෙරවරු 8.00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට

තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.  

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, හදිසි ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

මේ පිළිබඳව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ගෙන් කළ විමසීමකදී පැවසුයේ, මේ වැඩ වර්ජනය පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහි වාර්තාව සිකුරාදා ලැබෙනු ඇති බව ද ඔහු කියා සිටියේ ය.

"ඔය විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. මොකද ඒ වෛද්‍යවරිය සැඩ පරුෂ විදියට වෛද්‍යවරුන්ට කතා කරනවා කියලා. නමුත් මා දන්නා පරිදි මේ වනවිට ඔය කියන විශේෂඥ වෛද්‍යවරිය ළඟ ඔය කියන වෛද්‍යවරු නෑ. සීමාවාසික වෛද්‍යවරු හැර වෙන කිසිදු වෛද්‍යවරයෙක් මාසයක පමණ කාලයක සිට නෑ. මාසයක කාලයක සිට තාඩන පීඩන කළා කියන එක මම දන්නේ නෑ. මොකද වෛද්‍යවරු එම ස්ථානයට යන්නේ නැති නිසා. කෙසේවෙතත් එම වෛද්‍යවරියගේ වාට්ටුවට රෝගීන් ඇතුළු කිරීම පවා නතර කරලා තියෙනවා. ඉන් එහාට මට කරන්න දෙයක් නෑ. කෙසේ හෝ රාජ්‍ය සේවා කොමිසම මඟින් පත්කරපු වෛද්‍යවරියක් ඉවත් කිරීමට හෝ මාරු කිරීමට මට බලයක් නෑ." රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය වැඩිදුරටත් පැවසිය.


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image