රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් මාකුඹුර පන්නිපිටිය පිහිටි ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ප්‍රධානියකු ගේ අනුදැනුම හා මෙහෙයවීම යටතේ සිදුකරන ලද මිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධව හා

එහි නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව කොළඹ වංචා විමර්ශන ඒකකය ව්සින් නගා ඇති චෝදනා වලට අදාළ නඩුව 2023 ජුලි මස 26 වෙනිදා විභාගයට ගැනීමට නියමිතය.


 එදිනට මෙම පුද්ගලයන් සියලු දෙනා සඳහා හදුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිත බවටද වාර්තා වේ.

 මෙම හඳුනාගැනීමේ පෙරට්ටුවට එම ආයතනයේ හිටපු උසස්ම නිලධාරියෙකු සහභාගි වීමට නියමිත බවට වාර්තා වෙයි .

මේ අතර අදාල ආයතන ප්‍රධානියා විදේශ නිවාඩු අනුමැතියකින් තොරව 2023.06.03  වන දින විදේශගත වී ඇති බව වාර්තා වේ.

මොහු 2008 වසරේ සිට ආයතනයෙන් අධ්‍යක්ෂ ජනරාල් පත්වීම ලබාගැනීම පවා ඉතාමත් වංචනිකව සිදුකර ඇති අතර රජයට හිමි යුතු මුදල් අහිමි කිරීම, ආයතනය මුදල් වංචා කිරීම සහ විෂමාචාර ක්‍රියා නිසා තෙවතාවක්ම වැඩ තහනමට ලක්වූ අයෙකි.

මොහු පිළිබඳව රාජ්‍ය පරිපාලනය  අමාත්‍යාංශයට අනුබද්ධ සුවදේශ කටයුතු අංශය විසින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔහු විශ්‍රාම ගැනීමට පෙර ඔහුගෙන් රජයට අය විය යුතු මුදල්  අයකිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්