තම මවගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඩුබායි හි ගෘහ සේවයට පැමිණියත් තමාගේ එකම සිහිනය ජාත්‍යන්තර

තරඟයකදී රිටි පැමිණේ ඉසව්වෙන් පදක්කමක් දිනූ ශ්‍රී ලාංකික දියණියක් වීම බව රිටි පැනීමේ ශූරියක් වන සචිනි පෙරේරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'ද නැෂනල්' පුවත්පතට පැවැසුවාය.

රිටි පැනීමේ ඉසව්වෙන් ජාතික වාර්තා පිහිටවූ 24 හැවිරිදි සචිනි පෙරේරා සිය පවුල රැකබලාගැනීම සඳහා ඩුබායි හි ගෘහ සේවයට පැමිණ ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

d 38 Sri Lanka s Vaulting Queen works as Dubai housemaid to support family at home
ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ දිගු කාලීන රැකවරණයක් අවශ්‍ය සචිනි පෙරේරා ගේ මව රැකබලා ගැනීම සඳහා මුදල් සොයාගත නොහැකි වීම හේතුවෙන් ඇයගේ සිහින අමතක කර දමා ඇය ඩුබායි හි ගෘහ සේවයට පැමිණ ඇතැයි 'ද නැෂනල්' පුවත්පත පෙන්වා දී තිබේ.

1690025192 3
තමන් රැකියාවෙන් ගෘහ සේවිකාවක් වුවත් සිතින් තවමත් ජිම්නාස්ටික් සහ මලල ක්‍රීඩිකාවක් බව සචිනි පෙරේරා පවසා ඇත.

සචිනි පෙරේරා ඇයගේ සිහින අමතක කර දමා ගෘහ සේවිකාවක් ලෙස රැකියාව කලත් තවමත් රන් පදක්කමක් ලබා ගැනීමේ සිහිනය අමතක කරා දමා නැතැයි එම පුවත්පත පෙන්වා දී තිබේ.

saswxc
දවල් කාලයේදී කුඩා දරුවන් රැක බලා ගත්තත් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලබා දී තිබෙන ව්‍යායාම කාල සටහන පිළිපැදීමට අමතක නොකරන බවත් ඒ සඳහා සේවය කරන නිවසින්ද විශාල සහායක් ලැබෙන බව ඇය පවසා ඇත.

පියවරෙන් පියවර තමන් නැවතත් පියාසර කිරීමට සූදානම් බවත් කෙදිනක හෝ තම සිහිනය ඉටු කර ගන්නා බවත් සචිනි පෙරේරා ප්‍රකාශ කර තිබේ.

ඩුබායි හි කොන්සොල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර පවසා ඇත්තේ සචිනි පෙරේරා සඳහා එමිරේට්ස් හි ක්‍රීඩා අංශයේ රැකියාවක් සොයා දීමට උත්සාහ කරන බවයි.

sachi 1

සබැඳි පුවත් :
ගෘහ සේවයට ඩුබායි ගිය ජාතික ශූරිය !


Sri Lanka's 'Vaulting Queen' works as Dubai housemaid to support family at home



JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image