leader s

රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාවකට හිමිකම් කියන සචිනි කෞෂල්‍යා පෙරේරා මැදපෙරදිග රාජ්‍යයකට ගොස් ගෘහ සේවයේ නිරතව සිටියි.


රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව අවස්ථා 9කදී අලුත්කර ඇති ඇයගේ නම ඉදිරියේ යුද හමුදා වාර්තාව සහ ආරක්ෂක සේවා වාර්තාව ද ලියැවී තිබේ.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය කුඩා කළ සිටම ක්‍රීඩාව සඳහා සිය ජීවිතයම කැපකරමින් 2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්විය.

ඒ, දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් බවට පෙරමං සලකුණු පෙන්වමිනි.

නමුත් මේ සුවිශේෂී දක්ෂතා පෙන්වූ ඇය මේ වන විට සිය මව්බිම හැරගිහින් වසරකට ආසන්න කාලයක් ගතව තිබේ.

තමාට දිගින් දිගටම එල්ල වූ ආර්ථික පීඩණය කෙළවර වන්නේ, සචිනි ඩුබායි රාජ්‍යයේ නිවසක ගෘහ සේවිකාවක් බවට පත්කරමිනි.

සචිනි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණියයි.

අංශභාග රෝගයට ගොදුරුව සිටින සචිනිගේ මව මේ වනවිට එක්තැන්ව සිටියි.

තමාට මුහුණදීමට සිදුවූ මේ දේ තවත් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සිදුනොවිය යුතු බවත් එය ක්‍රීඩා බලධාරින්ගේ වගකීමක් බවත් සචිනි පෙන්වා දෙයි.


(aruna.lk)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්