මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස්

ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.

රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත් එම ගිවිසුම ප්‍රකාරකව නැවත භාරගන්නා බවත් ඔහු කීය.

එම අංශයේ කටයුතු පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට පුහුණුව ලබමින් සිටින බව කී මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, ඉන් පසුව එම නිලධාරීන් එහි සේවයට අනුයුක්ත කරන බව ද සඳහන් කළේය.

 රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු 2021 ජනවාරි සිට යුද හමුදාවට පවරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. පෞද්ගලික සමාගමක් විසින් සිදුකරනු ලැබූ රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිර්දේශයකට අනුව යුද හමුදාවට භාරදීමට 2020 ජුලි මස පැවැති කැබිනට් මණ්ඩලයේ රැස්වීමකදී ඒකමතිකව තීරණය කර තිබිණ.

කෙසේවුවද රියදුරු බලපත්‍ර මුද්‍රණය විදෙස් සමාගමකට පැවරීමේ සුදානමක් ඇතැයි වාර්තාවේ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image