නුවරඑළිය දිස්ත්‍රීක්කයට වැඩි සංචාරක ආකර්ශනයක් ලඟා කරගැනීමේ අරමුණින් යුතුව යුරෝ මිලියන් 30කට

වැඩි විදෙස් යෝජනා මත 'කේබල් කාර් ව්‍යාපෘතියක්' ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

මෙම කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යු. ගමගේ පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්ත ඉහල නැංවීම සදහා සැලසුම් කර තිබෙන නව උපක්‍රම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සදහා වන හැකියාව පරීක්ෂා කිරීම තම ක්ෂේත්‍ර පරීක්ෂාවේ අරමුණ බව මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රට ගොඩනැගීමේ ආර්ථික මෙහෙයුම තුළ මධ්‍යම පළාතේ ආර්ථිකය සවිබල ගැන්වීම සදහා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර යුතු බවත් ඒ සදහා කඩිනම් ව්‍යාපෘති රැසක් මාතලේ, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රීක්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඔහු එහිදී පැවසිය.

යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය නානුඔය දුම්රිය පොළ සිට  නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි තුරඟ තරඟ පිටිය (රේස් කෝස්) දක්වා කිලෝ මීටර් 06ක් දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම විදෙස් යෝජනා ව්‍යාපෘතිය සඳහා නුවරඑළිය නගර සභාවේ උපරිම සහය පලවී ඇති අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ හා වන ජීවී දෙපාර්තමේන්තුවල නිර්දේශ ලැබී ඇති බැවින් ළඟදීම ඒ සඳහා අනුමැතිය ගැනීමට කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්