ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිර්දේශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් සකස් කරන ලද අංග සම්පූර්ණ වාර්තාවකින් හෙළි වූ අන්දමට දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් ඔවුන්ගේ චිත්තවේගීය ස්ථාවරභාවය බිඳවැටීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගෙන මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

වැඩිපුර වේලාවක් ජංගම දුරකතනය දෙස බලා සිටීම හේතුකොට ගෙන දරුවන්ගේ මානසික යහපැවැත්මට අහිතකර බලපෑමක් සිදුවන බවත්, ස්මාර්ට් ජංගම දුරකතන අධ්‍යාපනය ලැබීමේ හැකියාව අවම කිරීමට හේතු වී ඇති බව ත් යුනෙස්කෝව ප්‍රකාශ කරයි.

 

ඩිජිටල් තාක්ෂණය සහ “කෘත්‍රිම බුද්ධිය” සෑම විට ම මිනිස් මනසේ ක්‍රියාකාරිත්වයට යටත්ව පැවතිය යුතු බවත් “මිනිසා මූලික දර්ශනයක්” සහිත අධ්‍යාපනයක අවශ්‍යතාව මෙම ඩිජිටල් ජංගම දුරකතන තහනමෙන් පැහැදිලි වන බව ද එම සංවිධානය පෙන්වා දී ඇත.

 

සෑම විට ම අලුත් දේ හොඳම දේ නොවන බවත්, ප්‍රතිපත්ති සම්පාදකයන් වැඩිදුර නොසිතා “ඩිජිටල් තාක්ෂණය” අධ්‍යාපනයට යොදාගැනීම පිළිබඳ යුනේස්කෝ සංවිධානය සිය විරෝධය පළකොට ඇති බව ත්, කිසිවක් කිරීමට හැකියාව පැවතීම එය අනිවාර්යයෙන් සිදුකළ යුතු යැයි නියමයක් නොවේ යැයි ද යුනෙස්කෝව පවසයි.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන හානි අවම කිරීමට සහ ඉන් වාසි ලබා ගැනීමට පැහැදිලි අරමුණු සහ ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට රටවල් යොමු විය යුතු බව ත් ඉන් සිසුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ආරක්ෂා වේ යැයි ඔවුහු අවධාරණය කර ඇත. කොවිඩ් – 19 සමයේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ඔස්සේ අඛණ්ඩව සිදුකරගෙන ගිය අතර එය වාසිසහගත වූ බවත් ඔවුහු පවසති. ලොව පුරා බිලියන ගණනක් සිසුහු ඉන් වාසි ලැබූහ.

දරුවා සහ ගුරුවරයා අතර පන්ති කාමරය තුළ මුහුණට මුහුණලා සිදුවන සමීප සම්බන්ධය වටිනා බව පෙන්වාදෙන එම සංවිධානය, එහෙත් දරුවන් පාසලේ සිට නිවසට පැමිණෙන තෙක් මවුපියන් සමග සම්බන්ධතාව තබාගන්නේ ස්මාට් දුරකතනයෙන් බව ත් ඒ නිසා මේ ගැටලුව ගැන තවදුරටත් සලකා දුරකතන පන්ති කාමරය තුළදී පමණක් භාවිතය තහනම් කළ යුතු බව බ්‍රිතාන්‍ය පාසල් සහ උසස් විද්‍යාල ලේකම් ජෙෆ් බාර්ටන් පවසා තිබේ.

(carbonnews.lk)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්