ඉන්ටර්නෙට් ඔස්සේ සිය පාසලට සිදුකරන අපහාස කිරීමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබා දීම සඳහා වැලිකඩ පොලිසිය වෙත ගිය

කොළඹ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට පොලිසිය තුළදී සිය නිරුවත පෙන්වූ බව කියන කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ඩෙන්සිල් පද්මසිරි නමැත්තා අගෝස්තු මස 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජූලි 27) නියෝග කළේ ය.

මෙම සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ඉන්ටර්නෙට් ඔස්සේ එම පාසලට අපහාස කිරීමක් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිනිය වැලිකඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

සිද්ධියට අදාළව පැමිණිල්ල සිදු කළ විදුහල්පතිනිය හා පාසලට අපහාස කළ බව කියන සැකකාර හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඊයේ පොලිසිය වෙත කැඳවා එම සිද්ධිය සමථයකට පත්කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් අනාවරණය කෙරිණි.

පොලිසිය විසින් සිද්ධිය සමථයකට පත් කරනු ලැබීමෙන් අනතුරුව විදුහල්පතිනිය පොලිසියෙන් පිටතට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේ සැකකාර හිටපු මන්ත්‍රීවරයා ඔහු ඇඳ සිටි ඇඳුම ගලවා විදුහල්පතිනියට ඔහුගේ නිරුවත පෙන්වා ඇති බව ද එම කරුණුවලින් හෙළි විය.

මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image