පළාත් පාලන ඡන්දය අනීතික ව කල් දමමින්, 13 වෙනි සංශෝධනය යටතේ බලය බෙදීමේ

ආකෘතිය වූ පළාත් සභා ද අක්‍රිය කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යැයි පවසමින් තම දේශපාලන වැඩපිළිවෙළට විපක්ෂයේ මුද්‍රාව තබා ගැනීමට  ගත් උත්සාහය පූර්ණ වශයෙන් අසාර්ථක වූ බව 'නිදහස ජනතා සභාවේ' නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු එබව කියා සිටියේ, නිදහස ජනතා සභාව කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද (28) එක්වෙමිනි.

සර්ව සර්වපාක්ෂික සමුළුවක් නොපැවැත්විය යුත්තේ කෙසේද යන්න ජනාධිපතිවරයා මෙහිදී මුළු ලොවටම ප්‍රදර්ශනය කළ බවද ඔහු මෙහිදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.


'' අපි සැකය අවිශ්වාසය ඇතිව තමයි මේ සමුළුවට සහභාගි වුණේ''

" අද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ අතරින් පළමු කාරණාව තමයි පසුගියදා පැවති සර්වපාක්ෂික යැයි කියාගන්නා සමුළුව.

අනිත් කාරණාව මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වුණා යැයි කියමින් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව .

මේ අතරින් සර්ව සර්වපාක්ෂික සමුළුව ට වගකීම් සහගත් දේශපාලන පක්ෂයක් විදිහට නිදහස ජනතා සභාව නියෝජනය කරමින් අප සහභාගි වුණා.
නමුත් අපි සැකය අවිශ්වාසය ඇතිව තමයි මේ සමුළුවට සහභාගි වුණේ .

ජනාධිපතිවරයා ගේ දේශපාලන වැඩ පිළිවෙළට විපක්ෂයේ සීල් එක ගහගන්න  උත්සහ කරනවා යැයි කියන සැකය ඇතිව තමයි අපි මේකට සහභාගි වුණේ .



මේ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව හැබැ චිත්‍රයක් ජනතාව දැක්කෙ නෑ . සංස්කරණය කරන ලද  කොටස් පමණයි ජනතාව දැක්කේ. නමුත් එකේ ඇත්ත කතාව වෙන එකක්. මේක ඉතාම අසාර්ථක සමුළුවක් .



මම පෙන්වා දුන් පළවෙනි කාරණය තමයි වර්තමානයේ ආණ්ඩුව බලය බෙදන්න කතා කරනවා, අපේ රටේ පරිපාලන ක්‍රමය අනුව බලය බෙදන කුඩාම ඒකක තමයි, පළාත් පාලන ආයතනය . මේ වන විට පළාත් පාලන ආයතන 341 ඡන්දෙ නොතියා අනීතික ව කල් දාලා අසම්මත ව කල් දාලා .

කුඩාම පරිපාලන ඒකකය ට බලය දෙන්න අකමැති රාජ්‍ය නායකයා, ආණ්ඩුව පළාත් සභාවලට දහතුන්වැනි සංශෝධනය අනුව බලය දෙයිද  ?


මේක සාධාරණ සැකයක්  නොවෙයි ද?

අනිත් කාරණාව තමයි බලය බෙදීමේ සංකල්පය මුල් කරගෙන අපේ රටේ පළමුවෙන්ම ක්‍රියාත්මක වුණු ක්‍රමය දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය.

මෙහිදි යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය 1981 පැවැත්වුණේ .

ලංකා ඉතිහාසයේ ඓතිහාසික ව දේශපාලන කළු පැල්ලමක් එකතු කරන ලද සිද්ධිදාමයක් මේ ආශ්‍රිතව සිද්ධ වුණා


යාපනයට කොළඹින් කුරුණෑගලින් ගම්පහින් යාල්දේවි කෝච්චියේ හරහා මැරයන් අරගෙන ගිහිල්ලා උතුරේ දමිළ ජනතාවගේ ඡන්දය කොල්ලකෑවා. මේකට නායකත්වය දුන් නායකයෝ අතරෙන් තුන්දෙනෙක් ජීවතුන් අතර නෑ. නමුත් එක්කෙනෙක් තවම ජීවතුන් අතර ඉන්නවා. පුළුවන් නම් මාධ්‍යයට මං ආරාධනා කරනවා මේ නායකයා ගැන හොයලා කියන්න මේක ඉදිරියේදී වැදගත් වෙයි.



මේ මැරයෝ එක්කගෙන ගිහිල්ලා ඡන්දෙ කොල්ලකාල නිලධාරීන් එලෙව්වා .

දකුණු ආසියාවේ පූජනීය ස්ථානයක් වූ යාපනය පුස්තකාල  ගිනි තියලා විනාශ කරලා දැම්මා.

මේ මැරයින්. මේ විදිහට තමයි සංවර්ධන සභා මැතිවරණය කොල්ලකෑවේ.

එතනදි තමයි උතුර තරුණයාට ඡන්දය පිළිබඳව විශ්වාසය නැති වුනේ.

ඒ අනුව තමයි බැලට් එක වෙනුවට බුලට් එකට විශ්වාසය තියෙන මානසිකත්වය ඔවුන්ට ඇති උනේ.

යාපනය තරුණයාට එදා විශ්වාසය ඇති වුණා බුලට් එක පිළිබඳව.


ඊළඟ වැදගත්ම කතාව තමයි පළාත් සභාව
 
ඔය කියන විදිහට බලය බෙදන්න 13 වැනි සංශෝධනය අනුව නිර්මාණය වුණු ආකෘතිය තමයි පළාත් සභාව.

අද වන විට පළාත් සභාවලට අත්වෙලා තිබෙන තත්ත්වය තත්වය හොඳටම පැහැදිලියි.

පළාත් සභාවට මොකක්ද කරේ ඉතිහාසය දන්නෑ කවුරුත්. තරුණ පරපුර විශේෂයෙන්  දන්නේ නැහැ .

 පළාත් සභා මැතිවරණය නවත් වන්න පනතක් සම්මත කරගත්තා 2017 අංක 17 දරණ.  මේ පනතට තිබුණේ කොල දෙකයි තිබුනේ
.
නමුත්  මේ පනතට සංශෝධන විසි අටක් එකතු කරා, කාරක සභා අවස්තාවේදී .

මේක තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ දී සිදුකළ  බරපතලම වංචාව.

 මේ අශිෂ්ට දේශපාලන ක්‍රියාන්විතය.  මේක මෙහෙයෙව්වේ වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා සමයේ දී.

 ඉතා වගකීමෙන් කියන්න පුළුවන් ඒක.

මේ කොළ දෙකේ වගන්ති හතේ පනත ට මුවා වෙලා පළාත් සභාව මේ දක්වා නැති කරල දැම්මා .
විපක්ෂයේ විරෝධතාව ගණන් ගත්තෙ නෑ.


ලංකා ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ පළමුවෙනි වතාවට පනත ගෙනාපු අමාත්‍යවරයා ෆයිසර් මුස්තාෆා පනතට විරුද්ධව ඡන්දය දුන්නා. සීමා නිර්ණය කමිෂන් එකක් පත් කිරීම මුල්කරගෙන මේ දක්වාම පළාත් සභා මැතිවරණය අත්හිටවලා  පළාත් සභා අක්‍රිය කළා. අද පළාත් සභාවල සභාව නෑ ආයතන තියෙනවා .


13වැනි සංශෝධනය යටතේ බලය බෙදන්න ගෙනාපු ආක්කෘතිය මේ විදිහට අක්‍රිය කරලා වංචනික ලෙස කටයුතු කරපු  නායකයා නැවතත් බලය බෙදන්න කටයුතු කරනවා යැයි කීම සැකයක් නෙවෙයිද ?

අනිත් කාරණාව තමා ආණ්ඩුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂ දරන්නේ විවිධ මත ඒගොල්ලන්ගෙ එකඟතාවයක් නැහැ.

ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා දරන්නේ වෙනම මතයක් .

අගමැතිවරයා විදිහට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දරන්නේ තවත් මතයක් .

ආණ්ඩුවේ ප්‍රධානම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තියෙන්නේ වෙනම මතයක් .

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුවේ සියලු පක්ෂ එක මතයකට එන්න ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න නැතුව ජනතාව  වටේ යවන්න එපා
සහෝදර දමිළ ජනතාවගේ සැකය තවදුරටත් අවුල වන්න එපා . ඔවුන් රැවටීමට ලක් කරන්න එපා .


''විපක්ෂයේ පක්ෂ සියල්ලම මේ සමුළුවේදී කිව්වෙ මැතිවරණය තියන්න කියලා.''

ජනාධිපතිවරයා ගේ මේ බලය බෙදීමේ නාටකය මැතිවරණ ඉලක්ක කරගත් ප්‍රෝඩාවක් පමණයි අපි දකින විදිහට .

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතාම හොඳට පෙන්නුවා සර්ව සර්වපාක්ෂික සමුළුවක් නොපැවැත්විය යුත්තේ කෙසේද යන්න මුළු ලෝකෙටම....


අපි ජනාධිපතිතුමාට කියනවා ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ අනාගතය සමග මේ විදියට වංචනිකව ක්‍රීඩා කරන්න එපා කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි වංචනික දේශපාලන දාදු කෙළිය දැන් නවත්තන්න බලන්න....ඒකයි අපේ ඉල්ලීම
 
 
අපි රටට ඇත්ත කියමු පුළුවන් දේ පටන් ගමු පුළුවන් දේ ම ජනතාවට කියමු.

එතනින් අපි පටන් ගමු.

 ඒකයි අපේ යෝජනාව

කෙසේ වෙතත් මැතිවරණයක් අත්‍යවශ්‍යයි.

 T N A සංවිධානය කිව්වෙත් ඒ ගැන .


ඊළඟ ප්‍රධාන කාරණාව තමයි ජූලි 18 වැනි දා මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුතුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම ගැන යෝජනාවක් ගෙනාවා. ඔවුන්ගේ මේ යෝජනාවට පාදක වෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා යැයි දැක්වීමක් .



ඒ සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මන්ත්‍රීවරුන් යෝජනා කර තිබුණා මේ මන්ත්‍රීවරුන් දාහතර  දෙනාගේ නම් මම කියන්න කැමති නෑ.

 ඔවුන් නවක මන්ත්‍රීවරුන් නමුත් මේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා ගේ ඉල්ලීමක් නෙවෙයි මේක

 එනිසා ඔවුන් දිරච්ච ලණුවක් නෙමෙයි කඹයක් කාලා තියෙන්නෙ .

ජූලි 18 ක යන්න  ඓතිහාසික වශයෙන් වැදගත් දිනයක්  ඒ දිනය තමයි දකුණු අප්‍රිකාව නායක මැන්ඩෙලා සිහිවීම පිණිස නම්කර තිබෙන මැන්ඩෙලා දිනය.

ප්‍රජාතන්ත්‍රවාදයේ  වඩාත්  වැදගත් දිනයක් වන මැන්ඩෙලා දිනයේ දී ආණ්ඩුව මේ වගේ  යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කටයුතු කළා 

ආණ්ඩුව මැන්ඩෙලා දිනය අර්ථයත් විනාශයට පත්  කලා.


ඔබට මතක ඇති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව වහාම මැතිවරණය පවත්වන්න කියලා ඒ තීන්දුව දුන්නු විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවන්න  මන්ත්‍රීවරයෙක්  යෝජනාවක් හරහා උත්සාහ කළා. එළ වුණු විවිධ  විරෝධතා නිසා එම තත්ත්වය කරගන්න  බැරි වුණා. මේ එම කාසියේම අනිත් පැත්ත තමයි දැන් ක්‍රියාත්මක වෙන්න හදන්නේ
 

මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව උත්සාහ කිරීම තුළින් තමයි මේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් කඩවුණා කියලා ඔවුන් කියන්නේ.
මේක විහිළු සහගත කතාවක්.

මැතිවරණයක් පැවැත්වීමෙන් කොහොමද අයිතිවාසිකම් කඩ වෙන්නේ.

අනික මේ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු එක් කොමසාරිස්  වරියක් ට දැන් උතුරේ ආණ්ඩුකාර කම දුන්නා ජනාධිපතිවරයා  .

මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයාට මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් තනතුරක් දුන්නා .


මේක කැකිල්ලේ තීන්දුවක්

මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලද කොමසාරිස්වරුන්ට විවිධ තනතුරු දීලා ඉවරයි මේ වන විට. මේක කැකිල්ලේ තීන්දුවක්

 මන්ත්‍රීවරුන් කියන ආකාරයට කොමසාරිස්වරුන් නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා නම්

ඔවුන් නැවත තනතුරුවලට පත් කළ ජනාධිපති තුමාගේ ක්‍රියාව  හරිද ?
 
නැත්තං මන්ත්‍රීවරු මේ කියන කතාව බොරුවක් ද?
 
එහෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලද නිලධාරීන්ව තවත් තනතුරුවලට  පත් කිරීම  සාධාරණ ද?

 තත්ත්වය මේක නම් අපි යෝජනා කරන්නේ, එහෙම දෙයක් වෙලා තියනවනම් දැන් මේ මැතිවරණ කොමිසමේ  හිටපු කොමසාරිස්වරු ,
දැන් දරන තනතුරුවලින් අලුත් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු යි .


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් පාර්ලිමේන්තුවට කැඳවන්න ආණ්ඩුව උත්සාහ කළා. එතුලින් දෑස් බැඳි කන්‍යාවියගේ හිරි හිරිඔතප් බිඳින්න ආන්ඩුව උත්සාහ  කලේ. ජනාධිපති වරයාගේ පක්ෂය අතීතයේ බලය තියෙද්දි නඩු තීන්දු ප්‍රකාශයට පත් කරපු විනිසුරුවරුන්ගේ ගෙවල් වලට ගල් ගහපු අතීතයක් තමයි අපි දන්නේ..
 

ඇත්තටම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය උනේ වුණේ පොදු ජනතාවගේ

අයිතිවාසිකම් උල්ලංඝනය වුණේ ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ
 
එනිසා මේ ආණ්ඩුවේ ක්‍රියාදාමය සමස්තයක් විදියට ගත්තොත් වංචනික යි .

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට විපක්ෂයේ සහාය ඉල්ලනවා .

පුරවැසියන්ගේ සහය අපේක්ෂා කරනවා

එහෙම තියාගෙන මේ ආණ්ඩුව එක පැත්තකින් පුරවැසියාගේ අයිතිය එකිනෙක එකින් එක උදුර ගන්නවා .

මෙවැනි තත්ත්වයක් තිබියදී තමයි අප සර්වපාක්ෂික යයි කියා ගන්නා සමුළුවට අංශුමාත්‍ර විශ්වාසයක් තියාගෙන සහභාගී වූයේ .

 නමුත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය වංචනික යි  ප්‍රෝඩාකාරී කියන එක මේ වන විට වන විට ඔප්පු වෙලා ඉවරයි.

අපි අවසාන වශයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දරුවන්ගේ රටේ ජනතාවගේ අනාගතය සමඟ මේ සෙල්ලම දිගටම කරන්න එපා කියන එකයි.

 

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image