වෛද්‍යවරුන්ගේ අත්වැරදීමකින් වකුගඩු දෙකම අහිමිව පීඩා විඳි වයස අවුරුදු තුනහමාරක දරුවකු

අවසානයේ ජීවිතයෙන් ද වන්දි ගෙවූ පුවතක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලින් වාර්තා වේ.

මවුපියන් පවසන්නේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිය පුතුට දිවි අහිමි වූ බවයි.

මෙම දරුවාගේ වම් වකුගඩුව උපතේදීම අක්‍රීය වී තිබූ බැවින් එය ඉවත් කිරීමේ සැත්කමේදී වෛද්‍යවරු දකුණු වකුගඩුව ද ඉවත් කර ඇති බව ඔවුන් පවසති.

වයස අවුරුදු තුනහමාරක් වන පුංචි හම්දි ෆස්ලිම්ගේ හද කම්පා කරන පුවත වාර්තා වන්නේ මෙසේය.

කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචි පුංචි හම්දි අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට වසරකට පමණ පෙර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.

එහිදි ඔහුගේ වම් වකුගඩුව අක්‍රීය බව තහවුරු වීමත් සමඟ වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ඔහුගේ එම වකුගඩුව ඉවත් කරන ලෙසටයි. ඒ වන විට ඔහු වයස අවුරුද්දක පුංචි දරුවෙකි.

ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ හම්දිගේ වම් වකුගඩුව ඉවත් කිරීමේ සැත්කම සිදුකරනු ලබන අතර සැත්කමෙන් පසු දරුවාගේ මූත්‍රා පිටවීමේ යම් ගැටලුවක් මතු වී ඇත.

මෙලෙස දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හම්දි සම්බන්ධයෙන් වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ අදාළ සැත්කම සිදුකරන අවස්ථාවේ අත්වැරදීමකින් වකුගඩු දෙකම ඉවත් කර ඇති බවයි.

රුධිර කාන්දුකරණය කරමින් මාස ගණනක් දිවි රැක ගත්තත් පුංචි හම්දි ෆස්ලීම්ට විෂබීජයක් ඇතුළුවීමෙන් යළි රෝහල්ගත කරන අතර ඊයේ (27) දින සදහටම මෙලොවින් සමුගත්තේ සියලු දෙනාගේ හදවත් කම්පා කරමිනි.

(hirunews.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image