මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය යළි සංගීතයෙන් රසවත් කර 1974 දී නිකුත් කළ වෙළුමකි.

 

 
ගීය ගායනය කරන්නේ, ටී. එම්. / ප්‍රියා / නිලානි / ක්ලැරන්ස් සුසංයෝගය වන අතර, සංගීතය සපයා තිබෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන විසිනි.

මෙය නිෂ්පාදනය කළේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව ‘සූරිය’ ලේබල අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා විසිනුයි.

ලෝකයේ කිසිදු ජාතික ගීයක වාදනය නොවන ලීඩ් ගිටාරයක හඬත් මෙහිදී අපට ඇසෙනවා.

එය මතුවන්නේ ඩික්සන් ගුණරත්නගේ ලීඩ් ගිටාරය තුලින්.

ප්‍රථම වතාවට මේ ජාතික ගීතයේ හාමනී කරන හඬත් අපට ඇසේ.

එදා මේ සංගීතවේදීන් කර ඇත්තේ විප්ලවීය වෙනසකි.

ප්‍රශ්නය නම් එදායින් වසර 50 කට පසුවත් එවැනි වෙනසක් කිරීමට තරම් ධෛර්‍ය්‍යක් අප සතුව තිබේද ?

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්