මහ මැතිවරණයක් ඉල්ලා පොහොට්ටුවේ ඇතැමුන් වේදිකාවල කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන සමගි ජන බලවේගය, එවැනි යෝජනාවකට

සම්පුර්ණ සහය දෙන බව අවධාරණය කර සිටියි.

පොහොට්ටුව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම්, ඊට සහාය දක්වන බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට වූ යෝජනාවකට අස්සන් තැබීමට පොහොට්ටුව සුදානම් බව ඔහු එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

'' මේ දවස්වල පොහෙට්ටුවේ ජනරැළිවලයි, එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවලයි, මාලිමාවේ වේදිකාවෙයි, විවිධ කතා කියවෙනවා. මම දැක්කා ජොන්ස්ටන් මහත්තයා කියනවා ආසන බල මණ්ඩලවලින් සියට හැත්තැවක් කරලා ඉවරයි, ඊළඟ මැතිවරණනයේ වැඩිම මනාප ගන්නේ එගොල්ලෝ කියලා. එක්සක් ජාතික පක්ෂයේ කට්ටිය අපේ පක්ෂයේ ආසන ශාඛා සමිතියට වඩා අඩු සෙනගක් ඉදන් ලොකු කතා කියනවා. මාලිමාවේ උන්නහේ කට උල්කරගෙන කියනවා සමුපාකාර ඡන්ද තියනවා, ප්‍රාදේශිය සභා ජන්ද තියෙනවා, නමුත් රනිල්ගේ උවමනාව ජනාධිපතිවරණය. නමුත් පාර්ලිමේන්තු බහුතරයකට ජනමතයක් නැ එනිසා අපි කියනවා ආසන බලමණ්ඩල කරලා ඉවරනම් ඊළඟට එන්නේ නිර්පාක්ෂික කෙනා නම් ඔය මුකුත් ඕන නැ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා .

 

ජොනි 70 % ආසන බල මණ්ඩල කරලා ඉවරනම් පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා අපි අත්සන් කරනවා. නිර්පාක්ෂික පුද්ගලයාට බලයක් තියේනව නම් කියන්න පාර්ලිමේන්තු ඡන්දය තියන්න කියලා. අපි බලමු එක්සත් ජාතික පක්ෂයේ මුදුනෝ පාර්ලිමේන්තුවට එයිද කියලා .

 

රටේ මුලය බලය නිති සම්පාදන බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නමුත් එතනට ජනමතය නැති වෙලා තියෙන්නේ එතනට. පාර්ලිමේන්තු මැතිවරණය තියන්න එකගවෙන්න වේදිකාවල කයිය ගහන්නේ නැතුව. ජනමතයට බයේ පළාත් පාලන ඡන්දයට මුදල් නොදුන්නේ ආසන මට්ටමින් සුලු පිරිසක් එකකුකර ගත්තාට හරි කියලා.

''ජනතාවට උද්ඝෝෂණ එපා වෙලා තියන්නේ''

උතුරු කොළඹ ජන බලය කියලා රැළි තිබ්බා මැද හිස් සෙනග නැ. පෙට්ටල් පොලිම්, ගැස් පොලිම් නැ කියනවා. නමුත් ලයිට් බිල් වතුර බිල් ළමයිගේ කැම පෙට්ටිවල තියන කැම මොනවාද කියලා ජනතාව දන්නවනේ. ජනතාවට උද්ඝෝෂණ එපා වෙලා තියන්නේ.. නමුත් ඒ තරහා ආර්ථිකයෙන් මිරිකුනු කෙන්තිය වෙලාවට පිටකරයි මැතිවරණයකදි...

දැන් ජනධිපති වැටෙන්න ඔන්න මෙන්න ...අපි ලැස්ති ජනතාව වෙනුවෙන් පෙනි ඉන්න.. අපි අවදනයෙන් ඉන්නවා.. හොර බෙහෙත් හොර බෙහෙත් ගෙනල්ලා ජනතාවගේ ජිවිත අනතුරට දැමු සෞඛ්‍ය ඇමතිට විරුද්දව ක්‍රියාත්මකවන දෝශාභියෝගයට සහය දෙන්නේ කවුද කියලා..


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image