දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියෙහි අවසන් අදියර යටතේ පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව සිදු කරන්නක් වන බැවින් ඊට මැදිහත් වීමේ බලයක් අධිකරණයට නැති බව

නීතිපතිවරයා ඊයේ (4) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කියා සිටියේය.

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදලේ ඇති මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී හිමි වන පොලිය 9%ක් තෙක් අඩු කිරීමට ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කරන ලදි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න එම පෙත්සමට මූලික විරෝධතා ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළේය.

විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම කැඳවන ලදි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි විරාජ් දයාරත්න සඳහන් කළේ මේ පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවයි. විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව අනුව සිදු කරන්නක් බව ඔහු සඳහන් කළේය. එය රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් වන කටයුත්තක් වන අතර, මේ වන විට පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කර ඇති බවද ඔහු කියා සිටියේය.

 මූල්‍ය සම්බන්ධ වන බලය පාර්ලිමේන්තුව සතු වන අතර, දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමේ හෝ නියෝග දීමේ හැකියාවක් අධිකරණයට නැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි විරාජ් දයාරත්න සඳහන් කළේය. එබැවින් මේ පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 
එහිදී මහ බැංකු මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනගාඊශ්වරන් සඳහන් කළේ, සේවක අර්ථසාධක අරමුදලේ පොලිය 9%ට අඩු කිරීම සම්බන්ධයෙන් හෝ භාණ්ඩාගාර බැඳුම්කරවලින් අයකරනු ලබන බද්ද 30%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම සිදු කරන්නේ ලබන 11 දා බවයි. 

 
මෙකී ක්‍රියාවලිය සම්බන්ධයෙන් සම්පූර්ණ කරුණු දැක්වීමක් පෙත්සම් මඟින් සිදු කර නැති අතර විරෝධතා මඟින් එම කරුණු දැක්වීම සිදු කිරීමට අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය. එබැවින් මේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


 
 එහිදී පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් සඳහන් කළේ, පෙත්සමෙහි සඳහන් ප්‍රශ්නගත කරුණට අදාළ තීරණාත්මක තීන්දුවක් අගෝස්තු 11 දා රජය විසින් ගැනීමට නියමිත බවයි. එබැවින් ඊට පෙර හදිසි නඩු කටයුත්තක් සේ සලකා මේ පෙත්සම සලකා බැලීමට ආසන්න දිනයක් දෙන ලෙස ඔහු  ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල ඒ විරෝධතා ගොනු කිරීමට අවසර දුන් අතර, අදාළ විරෝධතා අගෝස්තු 8 දා ගොනු කරන ලෙසද ප්‍රතිවිරෝධතා අගෝස්තු 9 දා ගොනු කරන ලෙසද නියම කළේය. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීමට අගෝස්තු 10 දා කැඳවීමට නියම කරනු ලැබීය.


 කෙසේවුවද පොල් වගාකරුවන්ගේ සංගමයේ වාර්ෂික හමුව අමතමින් ජනාධිපති වික්‍රමසිංහ ඊයේ (04) පැවසුයේ, රාජ්‍ය මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩ පිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවකුගේ උපදෙස් හො‍් නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්