ජපානයේ ටෝකියෝ නුවර අගෝස්තු 01දින පැවති 04 වන ලෝක ළමා සාම සමුළුවට (04th World Children’s Peace Summit) ශ්‍රී ලංකාව නියෝජනය කරමින්

සහභාගී වූ , වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ආර්.එස්.කස්මිරා ජයවීර ඉදිරිපත් කළ දේශනය, එම සමුළුවේ ''හොදම සාමය පිළිබඳ දේශනයට (Most Peaceful Speach Award )'' හිමි සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත.  

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට තරඟකරුවකු ඉදිරිපත්ව ඇත්තේ පළමු වරටය.  

img 1 600x450Kasmira 1200px 23 08 07 1000x600
කස්මිරා ජයවීර සිසුවිය එහිදී, ලෝක සාමය ස්ථාපිත කිරීමට ළමා නායකත්වයේ කාර්යය භාරය අධ්‍යාපනය සහ භාෂා අධ්‍යනය තුළින් උදා කර ගත හැකි ආකාරය පැහැදිලි කර තිබේ.

මෙම සම්මානය දිනා ගත් කස්මිරා ජයවීර සිසුවිය ඊයේ (07) රාත්‍රී 11.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය පිළිගැනීම සදහා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය, එහි සිසුන් මෙන්ම මෙම සිසුවියගේ පියා සේවය කරන කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

WhatsApp Image 2023 08 06 at 12.36.30 PM 1024x576WhatsApp Image 2023 08 06 at 12.36.29 PM 1 576x1024
(dinamina.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image