අද පවතින සියලුම ගැටලුවලට මුල වත්මන් ඇමතිවරුන් මේ සම්ප්‍රදායේ ඉතිහාසය නොදැනීම බව

දැනට පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක්වන  පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  චමල් රාජපක්ෂ පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ ගොවීන්ට මෙම ව්‍යසනයට මුහුණ දෙන්නට සිදුවූයේ ජාතික අවශ්‍යතාවය හඳුනාගෙන කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

'' උඩවලව ජලාශය හදන  අවස්ථාවේ දි ගොවින් මේ වගේ තත්ත්වයක් ඇතිවේවි කියලා දැනගෙන මේ ප්‍රශ්නය මතු කළා.

උඩවලව ජලාශය හදන්න මුල පුරපු සී.පී. සිල්වා මැතිතුමා එදා ලිඛිතව උපදෙස් දීලා තියනවා උඩවලව ජලාශයට පහලින් රිදියගම හරි චන්ද්‍රිකාවැව හිඳුනොත්    ඉහළ ජලාශයක් ඉදිකරලා තියනවා නම් අනිවාර්යයෙන්ම ජලය දිය යුතුයි කියලා.

ඒ සම්ප්‍රදාය දැනගෙන මේ කටයුතු කළා නම් අනිවාර්යයෙන් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ.

උඩවලව ජලාශය ඉඳිකරද්දී දොස්තර එස්.ඒ වික්‍රමසිංහ කිව්වා, මේ ජලාශයේ පොලව වැලි සහිත පසක්. වාෂ්ප වන ප්‍රමාණයත් බලලා සියලුම ඇලවල් කොන්ක්‍රිට් කරන්න කියලා. ඒක අපි සූරියවැව කළා. කුඩා වැව් 67ක් හදලා ඇල මාර්ග කොන්ක්‍රීට් කළා.

මේක දීර්ඝ කාලීනව සිතිය යුතු ප්‍රශ්නයක්. අපි නිල්වලා සහ ගිං ගඟෙන් වතුර ගේන්න හැදුවා චන්ද්‍රිකා වැවට. එතකොට උඩවලව ජලාශයේ ජලය හම්බන්තොටට නිකුත් කිරීම නතර කරන්නත් එම ජලටය මොනාරාගල දිස්ත්‍රික්කයට ගෙනියන්නත් හැදුවා.

මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය ජලාශය ඉදිකරන්න කටයුතු කළා.

මේ කිසි දෙයක් ජාතික අවශ්‍යතාවයක් අනුව සිදුවෙන්නේ නැති නිසා තමයි ගොවීන්ට මේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා දැන් ඉන්න ඇමතිවරුත් දැනගන්න ඕන මේවයේ ඉතිහාසය.

එහෙම උනොත් මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳා ගන්න පුලුවන්. “ 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image