පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව සහ යාල වනෝද්‍යාන සංචාරකයින් සඳහා

තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර තීරණයක් ගැනීමට එකඟතාවකට එළඹ ඇත.

ඒ, වනජීවී අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුලු අදාළ අංශවල නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදීය.

සාමාන්‍යයෙන් වෙනත් වසරවල උඩවලව සහ යාල වනෝද්‍යාන තාවකාලිකව වසාදමනු ලබන්නේ සැප්තැම්බර් මාසයේදී බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසිය.

එහෙත් මෙවර වියළි කාලගුණ තත්ත්වය කලින්ම ආරම්භවීම හේතුවෙන් අදාළ වනෝද්‍යාන වසාදැමිය යුතු බවට නිර්දේශ ඉදිරිපත්වී තිබේ.

කෙසේවෙතත් එම වනෝද්‍යානවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර සති දෙකකින් පමණ තීරණයක් ගැනීමට එකඟතාවකට පැමිණි බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර එලෙස වනෝද්‍යාන වසා දැමීමෙන් සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් එල්ලවනු ඇති බව ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

කෙසේවෙතත් ලබන මාසයේ මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ යනු ඇතැයි එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු කියා සිටියේය.



සබැඳි පුවත් :
විල්පත්තුවේ සතුන්ටත් වතුර නෑ

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image