දරුණු අසාත්මිකතා ඇතිවී ඉකුත් දිනවල රෝගීන් දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ යැයි ඒ පිළිබදව සොයාබැලීමට පත්කළ කමිටුවේ

නිගමනය වූ බව කමිටු සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබදව මහාචාර්ය චන්දිම ජීවන්දර පැවැසීය.

ජාත්‍යන්තර තත්ත්වය සහ ඉකුත් වසරවල අසාත්මිකතාවලින් මියයාම් සමග සංසන්දනය කළ විට ඉකුත් දා සිදුවූ මරණ දෙක අසාමාන්‍ය වැඩිවීමක් නොවන බවද ඔහු කීය.

සෞඛ්‍ය ගැටලු පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළේය.

ඉකුත් දා අසාත්මිකතාවලට ලක්වූ රෝගීන් 6 දෙනකු පිළිබදව සිය කමිටුවට අධ්‍යනය කිරීමට ලබාදී තිබූ බවද දරුණු අසාත්මිකතා ඇතිවී තිබුණේ ඉන් රෝගීන් 4 දෙනකුට පමණක් බවද ඔහු කීය.

අසාත්මිකතා තත්ත්වයන් හේතුවෙන් මරණ සිදුවූ Co-Amoxiclave For Inj - BP 1.2g නමැති ප්‍රතිජිවක ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර මගින් පරීක්ෂණයක් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.



දේදුනු කමිටු වාර්තාව ඇමති අතට

ආසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සදහා
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව පෙරේදා (09) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දුන්නේය.

ඒ, එම කමිටුවේ සභාපති, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් ඇතුළු කමිටු සාමාජිකයින් පිරිසක් විසිනි.

මෙම විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදීමේ අවස්ථාවට කමිටු සභාපති වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබද  මහාචාර්ය චන්දිම ජීවන්දර, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකර්ම පිළිබද විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ ඇතුළු කමිටු සාමාජිකයින් සහ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ද එක්ව සිටියහ.



සබැඳි පුවත් :

අසාත්මිකතා සොයා බැලීමට පත් කළ 'දේදුනු කමිටු වාර්තාව' පිළිගන්න බෑ - GMOA

ආසාත්මිකතා හා සංකූලතාවලින් රෝගීන් මිය ගියා ද ? - දේදුනු කමිටු වාර්තාව එලියට !


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්