අසාත්මිකතා ඇතිකළ ඖෂධය සම්බන්ධයෙන් වාර්තාව නිකුත් වීමට පෙර එය සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව නිකුත් කිරිම බරපතල

අඩුපාඩුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

අසාත්මිකතාව ඇතිකළ ඖෂධය පිලිබඳව නියමිත වාර්තාව නිකුත් කළ පසුව අදාල ඖෂධ සමාගම, ඖෂධය මෙරටට ගෙන්වූ නියෝජිතයා, ඖෂධය නිර්දේශ කළ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකි නමුත් මෙම වාර්තාව නිකුත් නොකිරිම තුළ එවැනි නීතිමය පියවරයන් ගත නොහැකි යැයිද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.

ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවක් නම් ඒ පිලිබඳව විමසීමට මෙරට රසායනාගාරයන් තුළ පහසුකම් නොමැති බවත් ඒ සදහා ඕස්ට්‍රේලියාවට හෝ සිංගප්පූරුවට යැවිය යුතු බවත් හෙතෙම පෙන්වාදේ.

ඒ අනුව මෙම වාර්තාවෙන් අපේක්ෂා කළ අරමුණ ඉටුවී නොමැති බැවින් මෙය පිළීගගත නොහැකි යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ, අසාත්මිකතාවේ හේතුවෙන් ඇති වූ ඇති වූ මරණ සහ සංකූලතා පිළිබඳව අධ්‍යයනය කිරීමට පත්කළ දේදුනු කමිටුව වහාම ප්‍රසිද්ධියට පත් කරන ලෙසයි.


(lankasara.com)


සබැඳි පුවත් :
ආසාත්මිකතා හා සංකූලතාවලින් රෝගීන් මිය ගියා ද ? - දේදුනු කමිටු වාර්තාව එලියට !


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්