leader s

ලෝකේ පුරාම විවිධ රටවල කෑමවලින් පිරුණු කෑම කඩ 75ක් තියෙන රුසියාවේ මොස්කව් අගනුවර දෙපෝ (Depo) කියන

Food Market එකේ සවාරියකට අද මම ඔබ කැඳවාගෙන යන්නම්.  

2019 මේ ෆුඩ් මාර්කට් එක විවෘත කරන්න කලින් මෙතන තිබිල තියෙන්නේ බස් ඩිපෝ එකක්. ඇත්තටම ට්‍රෑම් ඩිපෝ එකක්. ඒ නිසා තවමත් ට්‍රෑම් රථ කිහිපයකුත් මෙතන නවත්තල තියෙනව. ඒ ට්‍රෑම් රථවලත් කෑම කඩ දාල.

කෑම කන්න උඩ තට්ටුවෙත්, පහළ තට්ටුවෙත් පොදුවේ ආසන දාල තියෙනව. ඒ අතරේම මෙතන එළවලු සහ පළතුරු මාකට් එකකුත් තියෙනව.

රාත්‍රියට මෙතන සංගීතයත් තියෙනව. නැති කෑම ජාතියකුත් නෑ. ඉතින් මොස්කව් වැසියෝ බීර වීදුරුවක් තොල ගාල, කෑම ටිකකුත් කාල සංගීතයත් එක්ක නර්තනයේත් යෙදෙනවා. විශේෂයෙන්ම සති අන්තයේ. ඉතින් සාමාන්‍යයෙන් හවස් වෙනකොට දෙපෝ එකේ දහස් ගණනක් සෙනග පිරිලා.  

මොස්කව් නගරයේ දකින්න ලැබෙන විශේෂ ස්ථාන වගේම රුසියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් ගැන විස්තරත් රැගෙන ඉක්මනින් යළිත් ඔබ හමුවෙන්නම්.

(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්