විදේශීය විශ්වවිද්‍යාලවලට ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව

කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122 දෙනකු සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විමර්ශනයක් අරඹා ඇත.

මේ ආකාරයට ගිවිසුම් කඩ කළ (පසුගිය 2010 වර්ෂයෙන් පසු) වැඩිම ආචාර්යවරුන් පිරිසක් අයත් වන්නේ පේරාදෙණිය සරසවියට බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසීය.

මේ අතර ගිවිසුම් කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැට තුන් දෙනෙකුගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් අය නොකර ගැනීම සම්බන්ධයෙන්ද එම කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.

මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ගෙන් කෝප් කමිටුව කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි අඩුපාඩු සිදුනොවන ලෙස ගිවිසුම ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image