මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර, ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඇති බව කියන සිද්ධියේ

විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) භාර දී පොලිස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම විමර්ශන භාර දී ඇත්තේ පොලිස්පති සී ඩී වික්‍රමරත්න ගේ නියමයෙනි.

මෙම වංචාව සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විමර්ශන ආරම්භ කර මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ සේවකයන් දෙදෙනකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණි.

ධාවයෙන් ඉවත් කරන වාහන අංක වලට නියම හිමිකරුවන්ගේ නම් ඉවත් කර වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීමෙන් කාලයක සිට එහි සේවකයන් පිරිසක් විසින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය තොරතුරු හෙළි කර ගෙන තිබුණි.

 

ශ්‍රි ලංකාවේ ධාවනය වන වාහන 430 ට අධික ප්‍රමාණයක අයිතිකරුවන් වශයෙන් මොටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ව්‍යාජ පුද්ගලයන්ගේ නම් බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.

 

වාහන ජාවාරමක හිටපු නාවික නිලධාරියෙක් මාට්ටු

මේ අතර පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසන්නේ, සු⁣⁣ඛෝපභෝගි මෝටර් රථයකට ව්‍යාජ ලේඛණ සකස් කර ආරක්ෂක සමාගමකට අනුයුක්ත කළැයි කියන නාවික හමුදාවේ හිටපු නිලධාරියකු අත්අඩංගුවට ගත් බවයි.  

සැකකරු මාස 4 ක් පොලිසිය මගහරිමින් සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුගේ මෙම සුඛෝපභෝගි මෝටර් රථය, ඔහුගේ පුද්ගලික ආරක්ෂක සමාගමේ රාජකාරි කරමින් සිටි තවත් කමාන්ඩර්වරයකු ධාවනය කරමින් සිටියදී, මෙම වාහනය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් මීට මාස 4 පෙර ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෝටර් රථයට ව්‍යාජ ලේඛණ සකස් කර එය ධාවනය සඳහා යොදවා ඇත්තේ එම පෞද්ගලික ආරක්ෂක සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ සැකකරු, සිද්ධියෙන් අනතුරුව ඔහු පළාගොස් සැඟව සිටි බව පොලිසිය පවසයි.


(lankadeepa.lk)

 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image