ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවදුරටත් දේශපාලන බලපෑම් එල්ල වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු (ICC) විපක්ෂයේ ප්‍රධානියකු වෙත දැනුම්දී ඇතැයි පුවත් වෙබ් අඩවි කීපයක්ම වාර්තා කර ඇත. 

ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පළකර ඇති  (lankacnews.com ) වෙබ් අඩවිය පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් හෙට (24) දිනයේ පැවැත්වීමට නියමිත සභාව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා විපක්ෂයේ දේශපාලනඥයා කළ විමසීමකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු එම දැනුම්දීම සිදුකර ඇති බවයි. 

ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමේ සුදානමක් ඇතිබව දැනගන්නට ඇතැයි පවසා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එවැනි තත්වයක් මතුවුවහොත් ජාත්‍යන්ත ක්‍රිකට් තහනමක් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවනු ඇතිබව ලංකාවේ බලධාරීන්ට මේවනවිටත් දැනුම්දී ඇති බවයි. 

එවැනි තත්වයක් මතුවුවහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවනු ඇති බව ද එම ප්‍රකාශකයා අවධාරණය කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය හෙට (24 වැනිදා) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. 

(lankacnews.com)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image