''අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස්  බැදගෙන කන ජාතියක් ''යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය.

කාගේ ආණ්ඩු තිබුනත් එදිනෙදා වියදම් පවා පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට තිබුණේ නැතැයි කී අමාත්‍යවරයා, මුළු ආදායම ප්‍රමාණවත් වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශ්‍රාම වැටුප්, සමෘද්ධි ආධාර මෙන්ම රාජ්‍ය ණය පොලී ගෙවන්න පමණක් බව පැවසීය.

ණය ගෙවුවේ නැතොත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය සම්බන්ධ ආයතන විසින් රට පහත හෙලා කිසිම දෙයක් ගෙවන්න බැරි රටක් නම් කරනු ඇතැයි ද එවිට මහ රජ්ජුරුවෝ ලංකාවේ ජනාධිපති වුණත් ජාත්‍යන්තරය ණයවර ලිපි පිළිගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එවිට හිතවත්කමට වාහන රෝද කැරකෙන්නේ නැතැයි ද ඇඟේ තෙලට වාහන දුවන්නේ නැතැයි ද ඔහු කීය.

 

 

JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image