මෙරටට නොගෙනා අසූචි පොහොර නැවකට රජය විසින් ඩොලර් මිලියන 69ක් නිකරුණේ ගෙවීම

සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අද (23) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියේය.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, එහි කිසිදු නිර්දේශයක් මේ වනතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්ය.

විගණකාධිපති වාර්තාවට අවුරුද්දක් වෙනවා!  
පාඩුව වගකිවයුත්තන්ගෙන් අයකරගන්න කියා වාර්තාවේ තියෙනවා!
කෝප් සභාපති මේක ‌කමිටුවට ගේන්නේ නැතිව බහුබූත කියවනවා!

මෙම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

'' අප රට අන්දෝලාත්මක තත්වයන්ට මුහුන දුන්නා...එ අනුව අපේ නිශ්පාදන මුලුමුනින්ම අඩාල වෙලා..ආහාර උද්ධමනය  ඉහළ ගියා... ඩෝලර් මිලියක 6.9 අසුචි පොහොර නැවකට ලබා දිමට එවකට රජය කටයුතුකරා.. මේ පිළිබදව අන්දෝලාත්මක තත්වය හා විපක්ෂයේ විරෝධතාවයන් නිසා රජයේ විගණනාධිපති විසින් විගණනයක් සිදුකරනු ලැබුවා..විගණනාධිපතිවරයාගේ වර්තාව 2022/8/ 26 එනම්, ගිය වසරේ අගෝස්තු මස 26 වන දින ...පාර්ලිමේන්තුවට භාර දෙනු ලැබුවා..



'' එම වාර්තාව ලබා දි වසරක් ගතවුනත් තවමත් කෝප් කමිටු සභාපති වරයා තවම මෙය කෝප් කමිටුවට ගෙනවිත් නැ..අනවශ්‍ය කණ්ඩායම්, ආයතන කෝප් කමිටුවට ගෙන ආවත් ...මෙම ඩෝලර් මිලියන 6.9 ජනතාවගේ මුදල් පාඩු කරපු අය පිළිබද කිසිදු කතාවක් නැ..මේ අනුව මෙය කෝප් කමිටුවට කැදවන්න කියලා මම කිහිප විටක්ම පාර්ලිමේන්තුවට ඉල්ලීම් කරනු ලැබුවා...අද පාර්ලිමේන්තුව තුළ එය කතා කිරිමට සැරසුනත් එය වළක්වනු ලැබුවා..''



මෙම විගණන වර්තාවේ අවසාන පිටුවේ නිර්දේශ තුනක් (3) ඉදිරිපත් කොට තිබෙනවා.


* පලමු නිර්දේශය 

"අදාල සුරක්ෂනය කල්  ඉකුත්විම මුදල්කර ගැනිම සුරක්ෂණයේ කාලය දිර්ඝ කිරිමට කටයුතු නොකිරිම හා අත්තිකාරම් ගෙවීමේදී  කිසිදු සුරක්ෂනයකින් තොරව අරමුදල් නිදහස් කිරිම හේතුවෙන් රජයට සිදුවු පාඩුව මෙම ගනුදෙනුව ගැනිම ."    

මෙසේ පැහැදිලිව විගණනාධිපති වර්තාවේ සදහන් කර තිබුනත් ඔවුන්ව ආරක්ෂාකර ගන්න අවශ්‍ය නිසා ද ? කෝප් කමිටුව ඉදිරියට ගෙන නොඑන්නේ ....  


* දෙවන නිර්දේශය 

 "ලංකාවට ආනයනය කළ නොහැකි ජිවනුහරනය නොකළ මර්ධනය කිරිමට නිර්දේශිත කෘෂිරසායන වර්ගයක් නොමැති බැක්ටෙරියා සහිත පොහොර තොගයක් නැවුගත කිරිමට ක්‍රියාකිරිම 2020 , 2021 මහකන්නයේ වී වගවට අවශ්‍ය පොහොර ලබා නොදි පාඩු සිදුකිරිම .. නොසැපයු පොහොර වෙනුවෙන් ඇමරිකානු ඩෝලර් 6.9 මුදලක් ලබා ගැනිමට එරෙහිව සැපයුම් කරුවන්ට  එරෙහිව නෛතිකව කටයුතු කිරිම ."  

මෙම වාර්තාව ක්‍රියාත්මක නොකරන්න තිබෙන අදිසි හස්තය කුමක්ද?  මේවාට කොමිස් ගත්ත පිරිස අරක්ෂා කරන්නද ? . සිදුවු පාඩුවේ  වටිනාකම් පිළිබද පර්යේෂන කරන්නේ නැත්තේ ඇයි ? ලංකාවේ ජනතාව නියෝජනය කරන පර්ලිමේන්තුවේ මේ ගැන කතානොකරන්නේ ඇයි ?


 *  තුන්වන නිර්දේශය      

" ලංකාවේ නිතිප්‍රකාරව හා ගිවිසුම්වලට අනුකුලව කියා නොකල උක්ත සැපයුම්කරුවන්  ලංකාව තුළ අසදුලේඛන ( block lits) ගත කිරිමට කටයුතු කිරිම.  මේ ගැන කතාවත් නොකරන්නේ රජපක්ෂවරු අරක්ෂා කරන්නද ?  හොරැන්ට තව දුරටත් නිදැල්ලේ එන්න දෙන්නේ ඇයි ?...

මම කෝප් කමිටු සමාජිකයෙක් ලෙස ලිඛිතව ඉල්ලා තිබෙනවා...මොවුන්ව කමිටුව හමුවට ගෙන්න කියලා ..සාමාන්‍යයෙන් විගනණාධිපති වර්තාවෙන් පසු ඔවුන් කැඳවීමේ බලය  කෝප් කමිටුවට තිබෙනවා...එසේ තිබිලත් ඔවුන්ව නොකැඳවන හේතු මොනවද? ...

අප පැහැදිලිව කියන්නේ, ඔවුන්ව කෝප් කමිටුන හමුවට ගෙන්න කියලා..මොකද ලබන වසරේ ආණ්ඩු පෙරලුනාම අපි කොමත් මේ ගැන පර්යේෂණයක් අරඹනවා .. මොකද මේ මහ ජනතාවගේ බදු මුදල්..''

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්