ජාති ආගම් ඝට්ටනයක් හරහා සිදුවන තවත් පිපිරීමක් ගැන සඳහන් විදේශ බුද්ධි අංශ වාර්තාවක්

සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර ඇති හෙයින් ඒ ගැන වහා තොරතුරු සොයා බලා මේ සභාව දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ඉල්ලීමක් කළේය.

ඔහු මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී මුලසුනේ අවසරය ඇතුව ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

''ජාත්‍යන්තර බුද්ධි අංශ නිකුත් කර ඇති  වාර්තාවක් ගැන දෙස් විදෙස් මාධ්‍යවල තොරතුරු සඳහන් වෙලා තියෙනවා. මේ රටේ විවිධ ජාති ආගම් අතර ඝට්ටනයක් ඇති වෙලා තවත් පිපිරීම් තත්ත්වයක් ගැන මේ වාර්තාවේ සඳහන් වන බව ප්‍රකාශ කරනවා.

මේක ඉතා භයානක කාරණයක්. ඒ වගේම  ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක්. වහාම දේශපාලන පක්ෂ  කැඳවලා මෙය ඇත්තක්ද බොරුවක්ද කියලා හොයන්න ඕන. පාස්කු ප්‍රහාරය සමග ඇති වූ ආරක්ෂක ව්‍යාකූලත්වය අපි දැක්කා. මේ සංවේදී කාරණය ගැන රජය අවධානය යොමු කරන්න ඕන. ඊට පස්සේ මේ සභාව දැනුවත් කිරිමට කටයුතු කළ යුතුයි..''
 

 

 'කිසිම බුද්ධි තොරතුරක් ලැබී නෑ'

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී පැවසුයේ, රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නොමැති බවයි.

මෙය තමා ප්‍රකාශ කරන්නේ වගකීමෙන් බවද ඔහු සඳහන් කළේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

'' විවිධ කට කතා, ෆේස්බුක් පණිවිඩවලට උත්තර දිදී ඉන්න  බැහැ. ඒ  නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු දක්වනවා. රටේ සමහර තැන් වල සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාතිවාදී කලබල හා කෝලාහල ඇති කිරීමට විවිධ උත්සාහ ගන්න බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වනවා. ඒ කණ්ඩායම් ගැන රජයේ ආරක්ෂක අංශ රජය අවධානය යොමු කරලා තියෙනවා. මුලතිව් ප්‍රදේශයේ ඇන්තනී ජෙගනාදන් නැමැති  පුද්ගලයකු කුරින්දි පුරාවිද්‍යා භූමිය ගැන විශේෂ අවධානය යොමු කරන කෙනෙක්. කතෝලික බැතිමතෙක්. ඔහුට මෙතන තියෙන ප්‍රශ්නය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔහු මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න විශේෂ උත්සාහයක් ගන්න බව පේනවා.''

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image