හෘදයාබාධ හේතුවෙන් වර්තමානයේ මියයන පුද්ගලයන්ගෙන් බහුතරයක් කොරෝනා එන්නත් ලබාගත් අය බව පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍යවරුන් පවසති.

මෙරට ඖෂධ සහ විවිධ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් සෙවීමට පත් කරන කමිටු රැසක සාමාජිකත්වය දරා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම 'නෙත් නිවුස්' කළ විමසීමකදී පැවසුවේ, එම එන්නත් ලබාගත් පුද්ගලයන්ට විවිධ සංකූලතා ඇතිවීමේ ඉඩකඩ ඉතාම අවම බවයි. 

වර්තමානයේ හෘදයාබාධ ඇතුළු විවිධ රෝගවලට ලක්වන්නේ එම එන්නත් ලබානොගත් අය බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. 


මෙරට පවතින එන්නත්වලට විරුද්ධ පිරිසක් සංවිධානාත්මකව මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් කියා සිටියේය. 

අඩු වයසෙන් මැරෙන්නේ කොවිඩ් එන්නත නිසා නෙමෙයි මිනිස්සුන්ගේ බඩජාරිකම නිසයි

 

මේ අතර දුම්පානය, ආහාර රටාව, ව්‍යායාම අඩුකම හා ආතතිය හෘද රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපාන බව කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ ඉකුත්දා ප්‍රකාශ කර තිබිණ. 

දැනට පාසැල් වයසේ පසුවන දරුවන් පවා ආතතිය හේතුවෙන් අඩු වයසින් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බව ඔහු සදහන් කළේය. 

ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීමෙන් අඩු වයසින් හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණදීමේ අවදානම මගහරවා ගත හැකි බව කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ වැඩිදුරටත් පැවසිය. 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image